ඡන්දය ප්රකාශ කිරීමට වලංගු හැඳුනුම්පතක් නොමැති ඡන්ද දායකයින් සඳහා තාවකාලික ඡන්ද හිමි හැඳුනුම්පතක් ලබා ගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
දිස්ත්රික් මැතිවරණ කාර්යාලයෙන් එම තාවකාලික ඡන්ද හිමි හැඳුනුම්පත ලබා ගත හැකි අතර, ප්රදේශයේ ග්රාම නිලධාරී හෝ වතු අධිකාරී හරහා ඒ සඳහා අයැදුම්පත් ඉදිරිපත් කළ යුතු බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.