Trending Newsඑසැන පුවත්දේශීය

රට දියුණු කළ හැකි එකම නායකයා සජිත් ප්‍රේමදාස මහතා බව, ජනතාව තේරුම්ගෙන තියෙනවා. – පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්

උතුරු නැගෙනහිර වගේම දකුණේත්, සහජීවනය ගොඩනගා රට දියුණු කළ හැකි එකම නායකයා සජිත් ප්‍රේමදාස මහතා යැයි සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. රිෂාඩ් බදියුදීන් මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එම අදහස් පළ කළේය.

එහිදී අදහස් දැක්වූ බදියුදීන් මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය. උතුරේ වගේම දකුණේත්, ජනතාව ඉල්ලන නායකයා සජිත් ප්‍රේමදාස මහතායි. උතුරු නැගෙනහිර සහ දකුණේ දිස්ත්‍රික්ක ගණනාවක මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරතවෙද්දී සජිත් ප්‍රේමදාස මහතාට ඉතා ඉහළ ජන ප්‍රසාදයක් තියෙන බව තහවුරු වෙලා තියෙනවා. මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් ව සිටින අපේක්ෂකයින් අතරින්, රට ගොඩනැගිය හැකි එකම නායකයා සජිත් ප්‍රේමදාස මහතා බව, රටේ ජනතාව තේරුම්ගෙන තියෙනවා. ජනතාව අතර, සමගිය සහජීවනය ගොඩනගා රට දියුණු කළ හැකි නායකයා සජිත් ප්‍රේමදාස මැතිතුමා බව රටේම ජනතාව අවබෝධකරගෙන තියෙනවා. යැයි ද කීවේය.

Related posts

ජනාධිපතිවරණයේ දී ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට වත්මන් ආණ්ඩුවට බැරිබව පේනවා – වෛද්‍ය රමේෂ් පතිරණ

Editor O

UN special envoy awaits Houthis at Yemen peace talks in Geneva

Mohamed Dilsad

சாதாரண தர பரீட்சையில் சித்தி பெற்ற மாணவர்களுக்கு அமைச்சர் ரிஷாத்தின் வாழ்த்து…

Mohamed Dilsad

Leave a Comment