Trending Newsඑසැන පුවත්දේශීය

ශිෂ්‍යත්ව පන්ති අද මධ්‍යම රාත්‍රියේන් තහනම්

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව සියලු උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම අද (11) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍රය මුද්‍රණය කිරීම සහ ඒවා බෙදාහැරීම ද තහනම් වන බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේය.

ඊට අමතරව විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා, විද්‍යුත්,මුද්‍රිත හෝ සමාජ මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම සහ එවැනි දේ ළඟ තබා ගැනීම සපුරා තහනම් බව අමිත් ජයසුන්දර මහතා පැවසීය.

කිසියම් තැනැත්තෙකු, ආයතනයක් හෝ පාර්ශවයක් මෙම නියෝග කඩකිරීම හෝ උල්ලංඝනය කරන්නේ නම් ඒ පිළිබඳව ළඟම ඇති පොලිස් ස්ථානය, පොලිස් මූලස්ථානය හෝ විභාග දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කරන ලෙසද විභාග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.

Related posts

Sri Lanka welcomes Indian devotees for Katchatheevu festival

Mohamed Dilsad

පාසල් කටයුතු ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් යළිත් නිවේදනයක්

Mohamed Dilsad

1 – 5 வரையான மாணவர்களுக்கு 13ஆம் திகதி பாடசாலை ஆரம்பம்

Mohamed Dilsad

Leave a Comment