Trending Newsඑසැන පුවත්දේශීය

පාස්කු ප්‍රහාරයට වගකිවයුතු ත්‍රස්තවාදීන්ට මිලේච්ඡයන්ට මහමොලකරුවන්ට නීතිය හමුවේ දියහැකි උපරිම දඬුවම දෙනවා – ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස

පාස්කු ප්‍රහාරයට වගකිවයුතු ත්‍රස්තවාදීන්ට මිලේච්ඡයන්ට මහමොලකරුවන්ට නීතිය හමුවේ දියහැකි උපරිම
දඩුවම දෙන බව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ ඊයේ (10) පුත්තලම පැවැති ජන රැළියට එක්වෙමින්.

දැන් සිටින අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පවා සාධාරණත්වය ඉටු කරනවා කිව්වට ගෝඨාභයත් රනිලුත්
සත්‍ය වසන් කළ බවත් සමගි ජන බලවේගයට කාත් එක්කවත් ඩීල් නොමැති නිසා මේ සත්‍ය අනාවරණය
කරන බව ඔහු කියා සිටියා.

සජිත් ප්‍රේමදාස යනු මුදලට තනතුරුවලට වරදානවලට අලෙවි වන කෙනෙක් නොවන බවත් ලක්ෂ 220
ජනතාවගේ විශ්වාසය දිනා ගෙන ආත්මගරුත්වය රැකගෙන කටයුතු කරන අයකු බවත් එම නිසා පාස්කු
ප්‍රහාරයෙ සුලමුල අනාවරණය කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙහිදී පොරොන්දු විය.

වත්මන් ජනාධිපතිවරයා ආර්ථිකය සංකෝචනය කරන ජනතාවගේ හිස මත බරපටවන ජනතා පීඩනකාරී
ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා සේම ඔහුත් අනුර කුමාර දිසානායක සමග අමුතු සන්ධානයකට එළැඹ ඇති
බවත් ඒ තමා පරාජය කර අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කරවීම බවත් එම නිසා ජනාධිපතිවරයා
මැතිවරණ පරාජය වන බවට පිළිගෙන ඇති බව විපක්ෂනායකවරයා පවසා සිටියා.

රනිල් සහ අනුර හොදම දේශපාලන ඩීල් එකක් ගසා ඇති බවත් ඒ අය ඩීල් ගැහුවට තමාට ගැටලුවක්
නොමැති බවත් තමාට ඩීල් එකක් ඇත්තේ ලක්ෂ 220 ජනතාව සමග බවත් මේ ජනතාව වැටී ඇති තැනින්
ගොඩ ගැනීම තමාගේ අරමුණ බවත් විපක්ෂ නායකවරයා කියා සිටියා.

එසේ ම ජනාධිපතිවරයාට පුරුදු එයාගේ පැලැන්තියේ හා පන්තියේ අයට සැලකීම බවත් උග්‍ර පොහොසතුන්
ඔහුගේ පන්තියේ අය බවත් IMF වැඩපිළිවෙළ යටතේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරනයේ දී වැඩ කරන
ජනතාව මත බරපටවා සුපිරි පොහොසතුන් රැකගත්තේ ඒ නිසා බවත් මහලොකුවට සමාජවාදය ගැන කතා
කරන අනුර කුමාර රනිල් වික්‍රමසිංහ එක්ක ඩීල් දාන බවත් මේ අය ඩීල් දාන්නේ රට ගොඩගන්න නොව ඒ
අය ගොඩ යන්න බව ඔහු මෙහිදී අවධාරණය කර සිටියා.

එමෙන් ම ගියවර 69 ලක්ෂයක් ලබා දී වැඩ වරද්දා ගත්ත නිසා නැවත වරත් බොරු සෝබනවලට
නොරැවටෙන ලෙසත් අද වන විට රනිල් අනුර එකට එකතු වී ජනතාව ඇන්දවීම කුමන්ත්‍රණ සිදු කරන බවත්
රටට එකක් පෙන්වා යටින් ඒ දෙන්නා ඩීල් දාන බවත් ඒ දෙන්නා අගමැතිකම් ජනාධිපතිකම් බෙදාගෙන
ඇත්ද කියා සැකයක් පවතින බවත් විපක්ෂනායකවරයා වැඩිදුරටත් කියා සිටියා.

Related posts

Two new SLFP Organisers appointed

Mohamed Dilsad

අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ සාර්ථක ක්‍රිකට් ක්‍රීඩකයෙක්

Mohamed Dilsad

Major accomplice of ‘Karandeniye Sudda’ busted with Cannabis

Mohamed Dilsad

Leave a Comment