Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂිතයි. 2023 සහ 2024  සහල් ආනයනය කර නැහැ – වේදිකාවල බෙරිහන් දෙන” හිටපු කෘෂිකර්ම ඇමැති අනුර දිසානායක ඒ ගැන නොදැන සිටීම කණගාටුයි – මහින්ද අමරවීර

මෙරටට දැන් සහල් ඇටයක්වත් ආනයනය නොකරන බව අනුර දිසානායක මහතා දන්නේ නැතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ ලුනුගම්වෙහෙර බොකුටුපැලැස්ස ප්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමින්.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා. මෙරටට දැන් ඇතිවෙන්න සහල් තියෙනවා. රජයට 2022 සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 08ක් ආනයනය කිරීමට සිදු වුනා. ඊට හේතුව 2021 මහ කන්නයේ පොහොර අර්බුදය. නමුත් අපි 2022 යල කන්නයේ සිට ගත් ක්‍රියාමාර්ග නිසා 2023 හා 2024 වර්ෂවල දී සහල් ඇටයක්වත් මෙරටට ආනයනය කිරීමට සිදුවුණේ නැහැ.

අනුර දිසානායක මහත්තයා කියනවා එයා බලයට පත්වුනාම හාල් ආනයනය කිරීම නවත්වනවලු. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව සහල් ආනයනය මීට වසර දෙකකට පෙර නතර කළා. දැන් අපේ රට සහලින් ස්වයංපෝෂිත බව මාලිමාවේ ජනාධිපති අපේක්ෂක හිටපු කෘෂිකර්ම ඇමැති අනුර දිසානායක මහතා නොදැන සිටීම කණගාටුවට කරුණක්

අපි දැන් සහලින් ස්වයංපෝෂිත වී අවසන්. අපේ මීලග ඉළක්කය ඉදිරි වගා කන්න පහක් තුළ වී අස්වැන්න දෙගුණයක් කිරීම. ඒ සඳහා අවශ්‍ය සියලු පියවර ගෙන අවසන්. අපි ඉදිරි මහ කන්න දෙකක දී බණ්ඩි පොහොර අවශ්‍ය ප්‍රමාණයම නොමිලයේ ලබා දෙනවා. ඒ වගේම පොහොර සහනාධාර මුදල රුපියල් 25,000 දක්වා වැඩි කරනවා. ගොවීන්ට වී වගාවේ අස්වනු වැඩි කිරීම සඳහා තාක්ෂණික පැකේජයක් හඳුන්වා දී තිබෙනවා.

මේ නිසා 2023 මහ කන්නයේ දී හම්බන්තොට හා උඩවලව කලාපයේ ගොවීන් බොහෝ පිරිසක් හෙක්ටයාර් එකකට වී මෙට්‍රික් ටොන් 13ක වාර්තාගත වී අස්වැන්නක් ලැබුවා. දැන් අපේ රටේ ජනතාව තුන්වේලටම සියයට සියයක්ම පාරිභෝජනය කරන්නේ අපේ රටේ නිෂ්පාදනය කරන සහල් බව කිව යුතුයි.

පසුගිය කාලයේ කීරි සම්බා හිඟයක් තිබුනා. නමුත් දැන් කීරි සම්බා හිඟය අවසන්. අවශ්‍ය තරම් කීරි සම්බා සහල් වෙළෙඳපලේ තිබෙනවා. රුපියල් 350ට අලෙවි වූ කීරි සම්බා සහල් දැන් රුපියල් 250ක පමණ මුදලක් දක්වා මිල අඩු වී තිබෙනවා.

අපිට තව ඉළක්ක තිබෙනවා. ඒ ඉළක්කත් අපි සාක්ෂාත් කර ගන්නවා. ජනතා විමුක්ති පෙරමුණේ සමහර ගොවි සංවිධාන නියෝජිතයෝ නැති ප්‍රශ්න හදන්න උත්සාහ කළා. කොහොම හරි ගොවීන් වගා බිම්වලින් පාරට ඇද දමන්න කළ උත්සාහ සියල්ල පරාජය වුනා. ගොවී ජනතාව දන්නවා මේ අය හදන්නේ තමන්ව විනාශ කරන්න කියළා.

ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණේ උද්ඝෝෂණවලට දැන් ගොවි ජනතාව යන්නේ නැහැ. මේ රටේ කෘෂිකර්මාන්තය විනාශ කර ජනතාව බඩගින්නේ තබන්නට උත්සාහ කළේ හිටපු කෘෂිකර්ම ඇමැති අනුර දිසානායක මහත් නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණයි. ඒ වගේ රටට විනාශය ලඟා කළ පක්ෂයක් තවත් මේ රටේ නැහැ. ඒ වගේ නින්දිත පිරිසක් තමයි දැන් රට හදන්න බලය ඉල්ලන්නේ. නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ රටේ කෘෂිකර්මාන්තයට ලබා දිය හැකි සියලු සහයෝගය ලබා දී තිබෙන බව ගොවි ජනතාව දන්නවා. ඒ නිසා මේ රට දැන් සහලින් ස්වයංපෝෂිත වී අවසන්. අනුර දිසානායක මහත්තයට ඒ සඳහා පියවර ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ

Related posts

Nation pledges ‘Bak Maha Divuruma’ under President’s patronage

Mohamed Dilsad

Constitutional Council to meet on Thursday

Mohamed Dilsad

එක්ස්ප්‍රස් පර්ල් සමුද්‍ර දූෂණයෙන්, ජීවනෝපායට බලපෑම් එල්ල වූ ධීවරයින් කොටසකට වන්දි ගෙවා අවසන් – ජනාධිපති

Editor O

Leave a Comment