Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීය

ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් තරඟය නොමිලේ බලන්න

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත තරඟ දෙක­කින් සම­න්විත ටෙස්ට් තර­ඟාව­ලිය සැප්තැ­ම්බර් 18 වැනිදා ගාල්ල ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ගණ­යේදී ආර­ම්භ වීමට නියමිතයි.

මේ සඳහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අද (14) පෙරවරුවේ දිවයිනට පැමිණියා. පළමු ටෙස්ට් තරගය 18 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වෙන අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය මහජනතාවට නොමිලේ නැරඹීමට අවස්ථාව ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයනය කටයුතු යොදා ඇත‍

ඒ අනුව ගාලු ක්‍රීඩාං­ග­ණයේ ගේට්ටුව අංක 4 හරහා මහජනතාවට පිටියට ඇතුළුවීමේ අවස්ථාව හිමිවනවා. මේ 21 වැනිදා පැවැ­ත්වෙන ජනා­ධි­ප­ති­ව­රණ ඡන්ද විම­සුම වෙනු­වෙන් 21 වැනිදා නිවාඩු දින­යක් ප්‍රකා­ශ­යට පත්කොට ඇති අතර පළමු ටෙස්ට් තරඟය අත­ර­තු­රදී ලබා­දෙන විවේක දින­යේදී ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩ­ක­යින්ට තම ගම්බිම් බලා ගොස් ඡන්දය ප්‍රකාශ කොට එදි­නම පස්ව­රුවේ යළි කණ්ඩා­යම සමඟ එක්වන ලෙස දැනුම් දී තිබෙන බව වාර්තා වනවා.

දෙවැනි ටෙස්ට් තර­ගය මේ මස 26 දා සිට 30දා දක්වා පැවැ­ත්වී­මට නිය­මි­තයි. ශ්‍රී ලංකාව සහ නව­සී­ල­න්තය අව­සන් වරට ශ්‍රී ලංකා­වේදී හමුවී ඇත්තේ ‍2019 වස­රේදී එස්එස්සී හා ගාල්ල පිටියේ පැවැති ටෙස්ට් තරඟ දෙකේ­දීයී.

Related posts

රටපුරා සිනමාහල් ඇරේ

Mohamed Dilsad

இஸ்ரேலிய பிரதமராக மீண்டும் பெஞ்சமின் நெதன்யாஹு

Mohamed Dilsad

පොහොර සඳහා පාලන මිලක් නියම කිරීම කෙරෙහි රජයේ අවධානය

Mohamed Dilsad

Leave a Comment