Trending Newsඑසැන පුවත්දේශීය

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් තම ආණ්ඩුවක් යටතේ පහසුකම් ලබාදෙනවා – ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස

සෞඛ්‍ය කේෂත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් තම ආණ්ඩුවක් යටතේ පහසුකම් ලබාදෙන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. කොළඹ පැවති සෞඛ්‍ය සමුළුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද කීවේය. අපි ප්‍රශ්න කරපු ප්‍රශ්නවලට උත්තර සපයන අවස්ථාව 21 වෙනිදායින් පස්සේ එළැඹෙනවා. සුපුරුදු රාමුවකට කොටුවෙලා රාජ්‍ය ආයෝජන, රාජ්‍ය අරමුදල්වලින් පමණක් අපට මේ රටේ සෞඛ්‍ය කේෂ්ත්‍රය ගොඩනඟන්න බැහැ. අපි අලුත් විදිහකට හිතන්න ඕනේ. අපි අදහස් කරනවා හැම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයකට කැපකරු ආධාරක ක්‍රමවේදයක් පටන් ගන්න.

හැම රෝහලකටම කැපකරු ආධාරක ක්‍රමවේදයක් පටන් ගන්න. විවිධ අය කියාගෙන යනවා ඒ අය දළ දේශීය නිෂ්පාදිතය ප්‍රතිශතයක් ලෙස මෙච්චර මුදල් වෙන්කරනවා කියලා. නමුත් රාජ්‍ය ආයෝජන විතරක් මදි මේ රටේ සෞඛ්‍ය පද්ධතිය ගොඩ නගන්න. ඒ නිසා අලුත් විදිහට හිතලා මේ රටේ සමස්ත රෝහල් 1,164ත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 354ත් කේන්ද්‍ර කරගෙන රෝග නිවාරණ වැඩසටහක් ක්‍රියාත්මක කරනවා. රෝග නිවාරණ වැඩසටහන් රැසක් තියෙනවා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස කේන්ද්‍ර කරගෙන කැපකරු ක්‍රමයක් ආරම්භ කරනවා වැඩිපුර සම්පත් ප්‍රමාණයක් ලබාදීලා. ඔබ ලබාදෙන සෞඛ්‍ය සේවාව වඩාත් ප්‍රසස්ථ, විශිෂ්ට කාර්යක්ෂම සේවයක් බවට පත්කර අපේ රටේ ජනතාවගේ ජන ජීවිත සුඛිත මුදිත කරන්න, සෞඛ්‍ය සම්පන්න ජන ජීවිතයක් නිර්මානය කරන්න අපි කටයුතු කරනවා. අපේ රට නිදහස් සෞඛ්‍යයේ ස්වර්ණමය සංවර්ධන යුගය බිහිකරන්න අවශ්‍ය සියලුම ශක්තිය රාජ්‍ය මට්ටමින්, රාජ්‍ය නොවන මට්ටමින් ලබාදෙන්න අපි කැපවෙනවා කියන කාරණය සඳහන් කරනවා.

Related posts

Sri Lankan company signs import deal with Saudi Export Programme

Mohamed Dilsad

බස්නාහිරින් පිටවන අය සොයන්න බුද්ධි අංශ සහය

Mohamed Dilsad

අග්‍රාමාත්‍යවරයා චීනට බලා පිටත් වෙයි

Mohamed Dilsad

Leave a Comment