ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේදී කමිඳු මෙන්ඩිස් ශතකයක් වාර්තා කිරීමට සමත් වී තිබේ. ඔහු ලකුණු 114ක් ලබා ගත්තේය. සිය 7වන ටෙස්ට් ක්‍රිකට් තරගයව ක්‍රීඩා කරන කමිඳු අද රැස්කළේ ඔහුගේ සිව් වන ටෙස්ට් ශතකය යි. කුසල් මෙන්ඩිස් මැද පෙළ පිතිකරුවෙක් ලෙස පැමිණ ලකුණු 50ක් රැස් කළේය.
දිනය අවසන් වන විට ශ්‍රී ලංකාව කඩුලු 07කට ලකුණු 302ක් ලබාගෙන තිබිණ. රමේෂ් මෙන්ඩිස් සහ ප්‍රභාත් ජයසූරිය පන්දුවට පහර දෙමින් සිටියහත
එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන්ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් ලෝක ටෙස්ට් ක්‍රිකට් වාර්තාවක් සම කර තිබේ. කමිඳු එලෙස සමකර ඇත්තේ පිතිකරුවෙකු විසින් පළමු තරග හතේදීම ලකුණු 50ක් හෝ 50කට වැඩියෙන් රැස් කරමින් පාකිස්තාන ක්‍රීඩකයෙකු විසින් තබා තිබූ ලෝක වර්තාවයි.. පාකිස්තාන කණ්ඩායමේ ක්‍රිඩකයෙකු වන සවුද් ෂකීල් සිය පළමු ටෙස්ට් තරග හතේදීම ඉනිමකදී හෝ ලකුණු 50 සීමාව ඉක්මවා රැස් කිරීමට සමත් වී තිබුණා