Trending Newsඑසැන පුවත්දේශීය

දූෂණය, වංචාව පිටු දකින, සෞභාග්‍යමත් රටක් වෙනුවෙන් 21 වෙනිදා සමගි ජන බලවේගයට බලය දෙන්න – ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස

දූෂණය වංචාව පිටුදකිමින් සුවහසක් ජනතාවගේ කඳුළු පිස දමන සෞභාග්‍යමත් යුගය ලබන 21 වනදායින් ආරම්භ කරන බව සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ජනාධිපතිවරණ අවසන් ප්‍රචාරක රැළි සඳහා මොණරාගලදී අද (18) සහභාගී වෙමින් සජිත් ප්‍රේමදාස මහතා එසේ පැවසීය.

සමගි ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා. මෙසේ ද කීවේය. “බුද්ධි අංශ වාර්තා අනුව ලක්ෂ විස්සකට වැඩි ඡන්දයෙන් අපි අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය ජයග්‍රහණය කරනවා. මගේ කකුලෙන් අදින අනුර රනිල් දේශපාලන ජෝඩුව අද පහළ මට්ටමට වැටිලා.

උතුම් දළදා සමිඳුන්ට මගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පූජා කරලා මේ මැතිවරණ ව්‍යාපාරය අපි ආරම්භ කළා. එහෙම කරපු පළවෙනි අපේක්ෂකයා මමයි. ප්‍රතිපත්ති ප්‍රකාශනය අඩංගු සියලුම යෝජනා අපි අනිවාර්යයෙන්ම ඉෂ්ට කරන බවට ප්‍රතිඥා දී තිබෙනවා. රටේ ජනතාවගේ වගකීම සමගි ජන සන්ධානය භාර ගෙන, දක්ෂ, පළපුරුදු කණ්ඩායමක් සමග පොදු ජනතාවගේ අයිතීන් සුරකින පොදු ජන යුගය බිහි කරනවා . රට ගොඩනැගීමට පාට පක්ෂ භේදයකින් තොරව ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන සියලුම දෙනාට සමගි ජන සන්ධානය වටා එක්වන්නැයි ආරාධනා කරන

අපේ ජයග්‍රහණය ස්ථිරයි. ඒ ජයග්‍රහණය සාමයෙන් භුක්ති විඳින ලෙස ලක්වාසී සියලු දෙනාගෙන්ම ඉල්ලීමක් කරනවා. කිසිවකුටත් හිංසා පීඩා කරන්න එපා. සමගි ජන බලවේගය තුළ ප්‍රචණ්ඩත්වයට ඉඩ නැහැ. විරුද්ධ මතධාරීන්ට කිසිදු හානියක් සිදු කරන්න එපා. ඒ අයත් රට ගොඩනගන වැඩපිළිවෙලේ කොටස්කරුවන් කර ගත යුතුයි. සාමකාමීව ජයග්‍රහණය භුක්ති විඳලා ඊළඟ දිනයේ ඉඳලා රට ගොඩනගන වැඩපිළිවෙලට මුළු රටම සූදානම් කරනවා. සැමට ශක්තිමත් සෞභාග්‍යමත් ජීවිතයක් උදා කරනවා. ඒ වෙනුවෙන් සැප්තැම්බර් 21 වෙනිදා දුරකථනය ඉදිරියේ ඔබේ වටිනා ඡන්දය සටහන් කර, ජයග්‍රහණයේ කොටස්කරුවෙක් වන ලෙස ඉල්ලා සිටිනවා.

ඇඹිළිපිටිය මහා ජන ජන රැළියේ ඡායාරූප

ගාල්ල, අම්බලන්ගොඩ මහා ජන ජන රැළියේ ඡායාරූප

Related posts

வேலைக்கு வராத பெட்ரோல் பங்க் ஊழியரை கட்டி வைத்து சவுக்கால் அடித்த உரிமையாளர்

Mohamed Dilsad

First flag pinned on President, marking Flag Week of National Prisoners’ Day

Mohamed Dilsad

රවී ඇතුළු 10ක් අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කරයි

Mohamed Dilsad

Leave a Comment