Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරණයේ ආරක්ෂක කටුයුතු සඳහා පොලීසියෙන් හා හමුදාවෙන් නිලධාරීන් 63000ක්

ජනාධිපතිවරණයේ ඡන්ද මධ්‍යස්ථානවල හා මැතිවරණ කටයුතුවල ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. මැතිවරණ රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 63,000ක් සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 2500ක්, සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් 12,000ක් යොදවා තිබේ.

එමෙන්ම ජංගම මුර සංචාර 3083ක් සිදුකරන බවත් මෙය සුලු වශයෙන් වෙනස් විය හැකි බවත් මේ සඳහා පොලිස් නිලධාරීන් 12400 කට අධික පිරිසක් අනියුක්ත කර තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මැතිවරණ දිනයේදී හා මැතිවරණ දිනයෙන් පසුව මාර්ග බාධක යොදවන බවත් මේ සඳහා පොලිස් නිලධාරීන්ට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ද යොදවන බවත් එමෙන්ම කැරළි මර්ධන කණ්ඩායම් ස්ථාපිත කර තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

දැනට විදුලි බලාගාර ඇතුළු පොදු ස්ථානවල රාජකාරී කරන පොලිස් නිලධාරීන් මැතිවරණ රාජකාරී සඳහා යොදවා තිබෙන බවත් එම ස්ථානවලට යුධ හමුදා නිලධාරින් යොදවන බවත් මේ සඳහා නිලධාරීන් 3000 කට අධික පිරිසක් රාජකාරී කටයුතුවල යොදවන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Related posts

டப்ளோ கிறிஸ்தவ தேவாலயம் மீது தாக்குதல்

Mohamed Dilsad

Christchurch attacks: Victims honoured with national memorial service – [IMAGES]

Mohamed Dilsad

Sri Lanka seeks to enhance ties with Canada

Mohamed Dilsad

Leave a Comment