Trending Newsඑසැන පුවත්දේශීය

ප්‍රචාරක කටයුතු නතර කළ කාලයේ සමාජ මාධ්‍ය ඔස්සේ මැතිවරණ ප්‍රචාරණය තහනම් – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

මැතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු නතර කළ 18 දා මධ්‍යම රාත්‍රියේ සිට 21 වෙනිදා ඡන්දය පවත්වා අවසන් වන තෙක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරක කටුයුතු කිරීම සපුරා තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පවසයි.

සමාජ මාධ්‍ය මගින්, මැතිවරණය හා  අදාළව සහ රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක්වන ආකාරයෙන් ක්‍රියා  කළහොත් ඒ්  සඳහා අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කරයි. මැතිවරණ ප්‍රචාරය තහනම් කාලසීමාවේ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරක කටයුතු කරන්නේ දැයි, පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය, නිරතුරුව විමර්ශනය කරන බවද හෙතෙම කීවේය.

මැතිවරණ කාලසීමාවේත් ඉන් පසුවත් බුද්ධි අංශ නිරතුරුව විමසිල්ලෙන් සිටින බවත්, යම් තොරතුරක් සමාජ ජාලා හරහා යොමු කළහොත් ඒ් පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස  පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා  ජනතාවගෙන් ඉල්ලීමක්කරයි. .

Related posts

Cabinet consent for Sajith’s proposal for disabled veterans

Mohamed Dilsad

“Presidential candidate should be from SLFP to strengthen the Party” – Dayasiri Jayasekara

Mohamed Dilsad

අවුරුදු 18 ට වැඩි සියලු දෙනාට කොරෝනා එන්නත

Mohamed Dilsad

Leave a Comment