සාමකාමී සහ නිදහස් සාධාරණ මැතිවරණය ක් පැවැත්වූ බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කරයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (21) පස්වරුවේ මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමිනි.එමෙන්ම, ඔහු එහිදි වැඩිදුරටත් පැවසුවේ එම කාලය තුළ කිසිදු ආකාරයේ ප්රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වී නැති බවයි.
ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම අද (21) උදෑසන 7ට ආරම්භ වූ අතර එය සවස 4ට නිම විය. මෙවර ඡන්ද මධ්‍යස්ථාන 13,421 සිදුකළේය. බොහෝ දිස්ත්‍රික්කවල ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 75% ඉක්මවා තිබුණ බවද හෙතෙම කීවේය.