පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා කොමිෂන් සභාව සූදානමින් සිටින බව, මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක මහතා සඳහන් කරයි. පාර්ලිමේන්තු මැතිවරණය සඳහා රුපියල් බිලියන 11ක් පමණ මුදලක් වැය වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන බවද හෙතෙම කීවේය. පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ද, ජනාධිපතිවරණයට සකස් කළ ලියාපදිංචි ඡන්ද හිමි නාමලේඛනය යොදා ගන්නා බව ද හෙතෙම කීවේය. .