2024 සැප්තැම්බර් මාසයේ පළමු දින 23 තුළ සංචාරකයන් 92639 ක් මෙරටට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත පෙන්වා දෙයි. ඒ අනුව 2024 වසරේ මේ දක්වා කාලසීමාව තුළ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,455,307 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
2024 සැප්තැම්බර් මාසයේ පළමු දින 23 තුළ දී මෙරටට පැමිණ ඇති සංචාරකයින්ගෙන් 21.1%ක් එනම් 19,646ක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි.එක්සත් රාජධානියෙන් 7041ක්, ජර්මනියෙන් 6593ක් වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ තිබේ.