Trending Newsඑසැන පුවත්දේශීය

ගජ මුතු සමග සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට

මීගමුව නගරයේදී ගජමුතු 05 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි. මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් මෙම වැටලීම කර ඇත.

සැකකරු රුපියල් එක්කෝටි විසි ලක්ෂයක මුදලකට ගජමුතු විකිණීමට සූදානම්ව සිටි බවද අනාවරණය වී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 38ක් වූ ගෙලිඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු සහ ගජ මුතු මීගමුව පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙනවා. මීගමුව පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Related posts

නව අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් දිවුරුම් දෙයි

Mohamed Dilsad

லோட்டஸ் டவரிலிருந்து தமிழ் இளைஞன் எவ்வாறு விழுந்தார்..உண்மைக் காரணம் வௌியானது..!

Mohamed Dilsad

බස්නාහිර දරුවන් අද සිට යළි පාසැල් වෙත

Mohamed Dilsad

Leave a Comment