Trending Newsඑසැන පුවත්දේශීය

පළමු පුරවැසියා පොත් ප්‍රදර්ශනය නරඹන්නට පැමිණෙයි.

සාහිත්‍ය මාසය නිමිති කරගනිමින් 25 වන වරටත් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන  “කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය”  සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (28) පෙරවරුවේ පැමිණියේය.

පොත් ප්‍රදර්ශනයට එක් වූ ජනාධිපතිවරයාට එහි පැමිණ ජනතාව සමග සුහද කතාබහක නිරතවූහ. මෙවර පොත් ප්‍රදර්ශනය කුටි 400කින් පමණ සමන්විතයි.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර මහතා විසින් ළමා පොත් පිළිබඳ ජාතික ප්‍රතිපතියේ කෙටුම්පත ද මෙහිදී  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාවෙත පිළිගැන්වින.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය  වාර්ෂිකව සංවිධානය කරන “කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය” සැප්තැම්බර් 27වන දින සිට ඔක්තෝබර් 06 වැනිදා දක්වා පෙ.ව9.00 සිට රාත්‍රි 7.00 දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ප්‍රදර්ශන ශාලා පරිශ්‍රයේ දී පැවැත්වේ.

Related posts

O/L Examination to conclude today

Mohamed Dilsad

கண்டியில் வன்முறைகள் இடம்பெற்ற பகுதிக்கு பிரதமர் விஜயம்

Mohamed Dilsad

தாம் எதிர்வரும் உள்ளுராட்சி மன்ற தேர்தலில் வெற்றி பெற வேண்டும்

Mohamed Dilsad

Leave a Comment