Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපති අනුරගේ පොහොර සහ ඉන්දන සහනාධාර, වහාම නතර කරන ලෙස මැතිවරණ කොමිෂමෙන් නියෝගයක්

ජනාධිපති අනුර දිසානායක මහතා විසින් ගොවීන් සහ ධීවරයන් සඳහා ලබා දීමට උපදෙස් දුන් පොහොර හා ඉන්ධන සහනාධාරය, වහා නතර කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් නියෝග කර තිබේ.

ගොවීන් සඳහා රුපියල් 25000ක පොහොර සහනාධාරයක් හා ධීවර ප්‍රජාවට ඉන්ධන සහනාධාරයක් ලබා දීමට ජනාධිපතිවරයා උපදෙස් දී තිබින. මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක මෙවන් සහනාධාර ලබා දීමට දීමේදී අපේක්ෂකයන් අගතියට පත්වීම සැලකිල්ලට ගෙන මෙම තීන්දුව ගත් බව මැතිවරණ කොමිෂම සඳහන් කරයි.

ඒ අනුව අදාළ ප්‍රතිපත්තිමය තීන්දු මැතිවරණයෙන් පසුව ක්‍රියාත්මක කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ. මෙම සහනාධාර ඔක්තෝබර් 01දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබිණි.

මෙම යෝජනා දෙකම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව විසින් අනුමත කර තිබූ අතර, ජනාධිපතිවරණය හේතුවෙන් එය ක්‍රියාත්මක නොකරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දී තිබිණ,

Related posts

සීමා නිර්ණය නැවත වෙනස්විය යුතුයි – වජිර අබේවර්ධන

Mohamed Dilsad

Manushi Chhillar crowns Miss World 2018 a year after she won the title

Mohamed Dilsad

சுவிஸ் தூதரக அதிகாரிக்கு வெளிநாடு செல்ல தடை

Mohamed Dilsad

Leave a Comment