Trending Newsඑසැන පුවත්දේශීය

ජනතාවට ඇති එකම විකල්පය සමගි ජන බලවේගයයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

වර්තමානයේ ඇති එකම විකල්පය සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය බව එහි නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. මහරගම ප්‍රදේශයේ පැවති ජන හමුවකදී විපක්ෂ නායකවරයා එම අදහස් පළ කළේය.

එහිදී අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද කීවේය. එක එක පැතිවලට ඡන්දය දුන්න බොහෝ අය දැන් අනාථ වෙලා හමාරයි. අද වත්මන් ආණ්ඩුවට තියෙන එකම විකල්පය සමගි ජන සන්ධානය සහ සමගි ජන බලවේගය පමණයි. මේ රටේ ජනතාව මුහුණදෙන ගැටලුවලට, ප්‍රශ්නවලට, අභියෝගවලට උත්තර සපයන කණ්ඩායම බවට අපි පත්වෙන්න ඕනේ.

අපි විශ්වාස කරනවා මේ රට ගොඩගන්න වැඩසටහනේ පුරෝගාමී වැඩපිළිවෙලක්, වගකීමක් අපිට පැවරෙනවා. දැන් දැන් අපිට අහන්න ලැබෙනවා දළ දේශීය ආදායමෙන් 6%ක් අධ්‍යාපනයට වෙන්කිරීම අසීරුයි කියලා. අපිත් මේ රටේ අධ්‍යාපනයට වැඩිපුර සම්පත් ප්‍රමාණයක් ලබාගැනීමේ වැඩපිළිවෙලකට මුලපුරන්නට ඕනේ. මේක තමා නව දේශපාලන සංස්කෘතිය. හැමදාම විවේචනවලට පමණක් සීමාවෙච්ච ගමනකට අපිට මුලපුරන්නට බැහැ.

දැන් බොහෝ දේවල් අපිට ඇහෙනවා ක්‍රියාත්මක කරනවා කිව්ව බොහෝ දේවල් ක්‍රියාත්මක කරන්න බැරි තැනක ඉන්නේ. එතැනදි අපි කරන්නට ඕනේ ඒ අඩුපාඩුකම් පෙන්න පෙන්න සිටීම පමණක් නොව, අපේ දායකත්වය අපි ලබාදෙන්න ඕනේ රට ගොඩගන්න.

Related posts

ධම්මික ප්‍රසාද් ක්‍රිකට් පිටියෙන් සමුගැනීමේ තීරණයක

Mohamed Dilsad

கொட்டகலை த.ம.வி மாணவிகள் இருவர் 9 எ பெற்று சிறப்பு சித்தி பெற்றுள்ளனர்

Mohamed Dilsad

அமைச்சர் றிஷாட் பதியுதீன் உருக்கமான வேண்டுகோள்

Mohamed Dilsad

Leave a Comment