Trending Newsඑසැන පුවත්දේශීය

රනිල් ට සහාය දුන් පිරිස ගෑස් සිලින්ඩරයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට

ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වූ සියලුම දේශපාලන පක්ෂ, පාර්ලිමේන්තු මැතිවරණයට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ ගෑස් සිලින්ඩරය ලකුණින් තරග කිරීම සඳහා මූලික වටයේ සාකච්ඡාවලදී එකඟතාවලට පැමිණ ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒ අනුව ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දක්වමින් “පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතියට පක්ෂ හා සන්ධාන 34ක නියෝජිඅත්සන් කර තිබිණ, හිටපු මන්ත්‍රීවරු ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරගවදින සලකුණ සහ සන්ධානය පිළිබඳ අවසන් එකඟතාවකට එළඹීමේ විශේෂ සාකච්ඡාවක් කොළඹ මල් පාරේ පිහිටි මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ දී පවත්වා තිබේ. එහිදී ගෑස් සිලින්ඩරය ලකුණින් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වීමට එම කණ්ඩායම තීරණය කළ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව ගෑස් සිලින්ඩරය ලකුණින් මැතිවරණයට ඉදිරිපත් වීමට අදාළ නාම යෝජනා සැකසීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇතැයි ද වාර්තාවෙයි.

Related posts

Erdogan wins re-election as Turkey President

Mohamed Dilsad

பாராளுமன்றத்தினை உடனடியாக கூட்டவும்

Mohamed Dilsad

ஸ்ரீலங்கன் வானூர்தி சேவைக்கு 1 கோடியே, 17 லட்சம் ரூபாய் நஷ்டம்

Mohamed Dilsad

Leave a Comment