Trending Newsඑසැන පුවත්දේශීය

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මැතිවරණයේ නාමයෝජනාවලදී තරුණ පිරිසට විශේෂ අවස්ථාවක්

පාර්ලිමේන්තු මැතිවරණයේ නාම යෝජනාවලදී තරුණ නියෝජනය ඉහළ දැමීමට තීරණය කර ඇතැයි සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

තරුණ නායකත්වය ගොඩනැගීම බිම් මට්ටමේ පාක්ෂිකයන්ගේ මතය වී ඇති බැවින් එම යෝජනාවලට සවන් දී මෙම තීරණය ගෙන ඇතැයි පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි. මේ අනුව, තරුණ තරුණියන් ඇතුළත් වන ලෙස නවතම අපේක්ෂකයන් තිදෙනෙකු හෝ දිස්ත්‍රික්කයකින් නාම යෝජනාවලට ඇතුළත් කරන බවද හෙතෙම කීවේය.

ජනාධිපතිවරණයේදී සමගි ජන සන්ධානය නියෝජනය කළ පක්ෂ සමග එකතු වී මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වන බවද මහ ලේකම්වරයා කීවේය. සමගි ජන සන්ධානය සමග අලුතෙන් සන්ධානගත වන පක්ෂ මොනවාදැයි සාකච්ඡා කර බලා ඉදිරියේදී දැනුම්දෙන බව මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

Related posts

රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති – අගමැතිගේ කණගාටුව

Mohamed Dilsad

ஹன்சிகாவிற்கு எதிராக நீதிமன்றத்தில் மனு

Mohamed Dilsad

இன்று காலை இடம்பெற்ற பதறவைக்கும் முச்சக்கர வண்டி விபத்து!! ஒருவர் பலி ; 2 சிறுவர்கள் படுகாயம்

Mohamed Dilsad

Leave a Comment