Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මැතිවරණයට නාම යෝජනා බාර ගැනීම හෙට (04) ඇරඹේ

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නාමයෝජනා භාර ගැනීම හෙටින් (04) ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව ලබන 11 වැනිදා මධ්‍යහ්න 12 දක්වා නාම යෝජනා භාරදිය හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා මඩකලපුව, යාපනය, දිගාමඩුල්ල සහ කොළඹ යන දිස්ත්‍රික්කවලින් ඇතුළු දිස්ත්‍රික්ක රැසකින් ස්වාධීන කණ්ඩායම් 58ක් මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයැදුම්පත් භාරගැනීම ද මේ වනවිට ආරම්භ කර තිබේ. ඒ අනුව ලබන 8 වැනිදා දක්වා අයැදුම්පත් බාර ගන්නා බවද, මැතිවරණ කොමිෂන් සභව සඳහන් කරයි. 2024 පාර්ලිමේන්තු මැතිවරණය එළැඹෙන නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ.

Related posts

මගී ප්‍රවාහන බස් රථ පිළිබඳ විශේෂ චක්‍රලේඛයක්

Mohamed Dilsad

Lankan Consul General says, “Gaining more market access is focus area for Sri Lanka”

Mohamed Dilsad

இன்று(20) புதிய அமைச்சரவை பதவிப்பிரமாணம்

Mohamed Dilsad

Leave a Comment