Trending Newsඑසැන පුවත්දේශීය

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර්, හිටපු ජනාධිපති රනිල් සහ විපක්ෂ නායක සජිත් හමුවෙති.

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(4) හමුවිය. කොළඹ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවසේදී එම හමුව පැවැත්වින.

සිය ධූරකාලයේ දී ඉන්දියාව සමඟ පැවති ශක්තිමත් සබඳතාවය නව රජය එලෙසම ඉදිරියට පවත්වාගෙන
යනු ඇතැයි තමා විශ්වාස කරන බව එහිදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය විදේශ කටයුතු
අමාත්‍යවරයාට ප්‍රකාශ කළේය.

මෙම හමුව සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා, නියෝජ්‍ය මහකොමසාරිස්
ආචාර්ය සත්‍යාංජල් පාන්ඩේ, හිටපු ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා ඇතුළු පිරිසක්
සහභාගී වූහ.

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ සමගි ජන බලවේගයේ නායක
සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් ද, කොළඹ පිහිටි ඉන්දිය මහකොමසාරිස්වරයාගේ නිල නිවසේ දී අද (04) පැවැත්වින.

එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් වර්තමානයේ රට මුහුණ දෙන ගැටලු රැසක් සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාව දැනුවත් කළේය.

රටක් ලෙස පවතින බංකොලොත්භාවයෙන් නැවත ගොඩ ඒමට ඉන්දියාව මෙතෙක් ලබා දුන් සුවිශාල සහයෝගය
සම්බන්ධයෙන් සිය ස්තූතිය සහ ගෞරවය ඉන්දීය රජය වෙත පුදකරන බවත් ඉදිරියටත් අප රට වෙනුවෙන්
තවතවත් සහයෝගය සහ ආධාර, උපකාර ලබා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක
සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවේ සඳහන් කළේය.

එසේම ළඟම අසල්වැසියා සහ දිගුකාලීන මිත්‍රයා ලෙසින් ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර ඇති ශක්තිමත්
සම්බන්ධතාව ඉදිරියටත් අපේක්ෂා කරන බවත් ඒ සඳහා තමාට ද ලබා දිය හැකි උපරිම දායකත්වය ලබා
දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීමේ චක්‍ර ලේඛය නිකුත් කරයි

Mohamed Dilsad

U.K. Airport Remains Closed After Drones Disrupt Travel

Mohamed Dilsad

Over 6,000 persons affected due to inclement weather

Mohamed Dilsad

Leave a Comment