ඇමතිවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ ආරක්ෂාව සඳහා අනියුක්ත කර සිටි ආරක්ෂකයින් ඉවත් කර ප්රභූ ආරක්ෂක කොට්ඨාශයට කැඳවීමට කටයුතු කළත් මෙතෙක් කිසිඳු රාජකාරියක් තමන්ට පවරා නොමැති බව එම පොලිස් නිලධාරීන් සඳහන් කරයි. එම පොලිස් නිලධාරීන්ගෙන් සංචිතයට යොමු කර ඇති බවද අනාවරණය වෙයි.
නිශ්චිත රාජකාරියක් පවරා නැති හෙයින්, යළි නිවෙස්වලට හරවා යැවීම සහ නිවාඩු ලබාදීම සිදුකරන බවත්, ඒ තත්ත්වය හේතුවෙන්, තමන් මහත් අසීරුතාවයකට පත්ව සිටින බවද එම පොලිස් නිලධාරීන් සඳහන් කරති. මැති ඇමතිවරුන්ගේ ආරක්ෂාවට සිටිය පොලිස් නිලධාරින් 1200 දෙනෙකු පමණ එකවර මූලස්ථානයට පැමිණීමේදී එහි ඉඩකඩද සීමිත වන බවද සඳහන්.