පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉලංගෛ තමිල් අරසු පක්ෂය එම පක්ෂයේ නම සහ ලාංඡනය යටතේ ඉදිරිපත්වීමට තීරණය කර ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්රී එම්. ඒ. සුමන්දිරන් මහතා පවසයි.
තරුණ සහ කාන්තා නියෝජනය පිළිබඳව ද, ඉදිරියේදී තීරණය කරන බවත් අම්පාර හා ත්රිකුණාමලය දිස්ත්රික්ක වෙනුවෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයින් පිළිබඳව ද සාකච්ඡා කරන බවත්, නාමයෝජනා සැකසීමේ මූලික අදියරේ කටයුතු සිදු කරන බවද සුමන්තිරන් මහතා කීවේය.