Trending Newsඑසැන පුවත්දේශීය

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල් වරයා පත්කිරීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගනිද්දී තනතුරෙන් ඉල්ලා අස්වන බව අධිකරණයට කියයි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්. ඒ. කේ. විජේරත්න මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහුගේ පත්වීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙන බවද සඳහන්. අද (07) පස්වරුවේ ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද (07) සවස ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බව, නීතීඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරල්වරයාගේ පත්වීම අභියෝගයට ලක් කරමින්  ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද සලකා බැලූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදුකළේය. ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනි වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සමක් කැඳවනු ලැබීය. 

ඒ අනුව අදාළ පෙත්සම් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදුන් අතර වගඋත්තරකරු තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බැවින්   අතුරු තහනම් නියෝග සම්බන්ධයෙන් කරුණු සලකා බැලීමට අවශ්‍ය නොවන බවත් පාර්ශ්වකරුවන් අධිකරණයේ දී සඳහන් කළේය.

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ඩබ්ලිව්. ඒ. කේ විජේරත්න මහතා පත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශ මත එවක ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවත් එම තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය, සමාජ ක්‍රියාකාරිකයකු වන විදුර රැළපනාව සහ මාධ්‍යවේදනී රුවනි ෆොන්සේකා යන අය විසින් මෙම පෙත්සම් ගොනු කර තිබිණ.

Related posts

ඊලොන් මස්ක්ට, රනිල් වික්‍රමසිංහ ස්තූති කරයි.

Editor O

ආනයනික අර්තාපල් සහ ලොකු ලූණු බදු ඉහළ ට

Editor O

අදත් ශ්‍රී ලාංකිකයන් 307 දෙනෙකු දිවයිනට

Mohamed Dilsad

Leave a Comment