කොළඹ නෙළුම් කුලුනෙන් පැන පාසල් සිසුවියක් සියදිවි නසාගැනීම සම්බන්ධයෙන් කොළඹ නෙළුම් කුලුණ කළමණාකාරන පුද්ගලික සමාගම සිය කණගාටුව සහ ශෝකය ප්රකාශ කර තිබේ. එම අවාසනාවන්ත සිදුවීම පිළිබඳව මහජනතාවට කණගාටුව පළ කරන අතරම, නෙළුම් කුලුණට පැමිණෙන සියලුදෙනාගේ ආරක්ෂාව සහ යහපැවැත්ම වෙනුවෙන් සහයෝගයෙන් කටයුතු කරන බවද නිවේදනයක් නිකුත් කරමින් නෙළුම් කුලුණ කළමනාකරන පෞද්ගලික සමාගම සඳහන් කරයි.
එමෙන්ම අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ සඳහා පූර්ණ සහයෝගය ලබාදීමට කටයුතු කරන බව ද ඔවුන් සඳහන් කරයි.