Trending Newsඑසැන පුවත්දේශීය

සමගි ජන බලවේගය කොළඹ දිස්ත්‍රික්කයට නාමයෝජනා බාර දෙයි.

සාම්ප්‍රදායික දේශපාලන සංස්කෘතිය පසෙකලා රට වෙනුවෙන් වැඩ කළ යුතු කාලය එළැඹ තිබෙන බව සමඟි ජන බලවේගයේ හා සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ පක්ෂයක් ලෙසත් සන්ධානයක් ලෙසත් සමගි ජන බලවේගය කොළඹ දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා අද (10) බාරදීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

පොදුජනතාවගේ ආශිර්වාදයෙන් මැතිවරණය ජයග්‍රහණය කර යහපත් දේශයක්, යහපත් මාතෘභුමියක් ඇති කර රට ගොඩනගන රට සංවර්ධනය කරන යුගයක් කරා නායකත්වය ලබා දෙන බවත් ඒ සඳහා සම්මුතිවාදිව එකමුතුභාවය, සහෝදරත්වය කේන්ද්‍ර කර ගෙන නව යුගයක් උදා කරන බවත් ප්‍රේමදාස මහතා පැවසීය.

සාම්ප්‍රදායික ආකාරයෙන් මෙතෙක් කල් පැවති ජරාජීරණ දේශපාලන සංස්කෘතිය පසෙකලා සහෝදරත්වයෙන් සම්මුතිවාදීව කටයුතු කරන බවත් 2028 වන විට ණය නැවත ගෙවිය යුතු බැවින් මේ කුඩා වූ ආර්ථිකය නැවත නගා සිටුවිය යුතු බවත් එය සියලු දෙනාගේම වගකීමක් නිසා ලක්ෂ 220ම එකට එකතු වී ඒ සඳහා කටයුතු කළ යුතු බවත් ඊට අවශ්‍ය නායකත්වය ලබා දෙන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අපේක්ෂකයන් තෝරා ගැනීමේ දී දැඩි තරගකාරීත්වයක් තිබූ හෙයින් කාන්තාවන් වෙනුවෙන් ද විශාල ඉඩක් වෙන් කර ඇති බවත් ඉදිරි පළාත් සභා හා පළාත් පාලන මැතිවරණයේ දී 25%ක් ලෙස මීටත් වඩා කාන්තා නියෝජනය ලබා දෙන බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීවේය.

Related posts

Three persons arrested for engaging in illegal fishing

Mohamed Dilsad

USA Gymnastics’ executive leadership resigns over abuse scandal

Mohamed Dilsad

Electricity board workers to launch a strike

Mohamed Dilsad

Leave a Comment