Trending Newsඑසැන පුවත්දේශීය

මාතර දිස්ත්‍රික්කයෙන් බාර දී ඇති නාම යෝජනා මෙන්න. – තාත්තලා වෙනුවට පුතාල දෙන්නෙකුත් මැතිවරණයට

මාතර දිස්ත්‍රික්කය සඳහා සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ කිහිපයක් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජනා ඉදිරිපත් කර තිබේ. එම නාම යෝජනා ලැයිස්තුව පහතින්

සමගි ජන බලවේගයේ නාම යෝජනා ලැයිස්තුව

බුද්ධික පතිරණ, චතුර ගලප්පත්ති, කපිල ගමගේ, රංජිත් මුණසිංහ, නිරෝෂන් ප්‍රේමරත්න, කලුතන්ත්‍රිගේ
මහින්දරත්න, රෙහාන් ජයවික්‍රම, බිමල් ජයසිරි, නිර්මාල් සමරසිංහ, තුෂාර විජේසූරිය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ

කංචන විජේසේකර, ගයාන් සංජීව, පසද යාපා අබේවර්ධන, විජය වීරසිංහ, සරත් ද අල්විස්, දිමුතු දර්ශන
අබේවික්‍රම, බී ජී.චන්දන ප්‍රියන්ත, ධම්මික සොලමන්, තිවංක ජනිත්, චමීර යාපා අබේවර්ධන

ජාතික ජන බලවේගයේ නාම යෝජනා ලැයිස්තුව

සුනිල් හදුන්නෙත්ති, සරෝජා සාවිත්‍රී පෝල්රාජ්, උපුල් කුමරප්පෙරුම, අබේවික්‍රම ලියනගේ
මෙත්තපාල, මුහම්මදු ඉල්යාස්, විජිත රුවන් වික්‍රම ආරච්චි, ජයන්ත පතිරණ, ලාල් ප්‍රේමනාත්, අජන්ත
ගම්මැද්දගේ, නුවන්ජිත් සෙල්ලහේවා

කෙසේ නමුත් පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ දේශපාලකයන් කිහිප දෙනෙකු මෙවර මැතිවරණයට ඉදිරිපත් වී නැති බව නාම යෝජනාවලින් පැහැදිලි වේ. ඒ අනුව මාතර දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම හා මන්ත්‍රී කරුණා කොඩිතුවක්කු යන මහත්වරු මෙවර මහ මැතිවරණය සඳහා මාතර දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත්වී නැත.

විදුලි බල හා බල ශක්ති (හිටපු) අමාත්‍ය කංචන විජේසේකර මහතා මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමූණ යටතේ තරග කිරීමට නාම යෝජනා බාර දී ඇත.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී මාතර දිස්ත්‍රික්කයේ ප්‍රථමයා වු නිපුණ රණවක මහතා ශ්‍රී ලංකා පොදුජන
පෙරමුණ යටතේ ද හය වැනියා බවට පත් වු වීරසූමන වීරසිංහ මහතා සර්ව ජන බලය පක්ෂය යටතේ මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වීමට සූදානමින් සිටී.

Related posts

විෂබීජ නාශක දියර ජාවාරමක් තලාහේනේදී වටලයි

Mohamed Dilsad

Showers expected after 2.00 PM today – Met. Department

Mohamed Dilsad

ஜப்பான் பிரதமரை சந்தித்தார் ஜனாதிபதி

Mohamed Dilsad

Leave a Comment