Trending Newsඑසැන පුවත්දේශීය

පහුගිය කාලයේ රට කඩාවට්ටන්න සිදුකරපු කුමන්ත්‍රණයට උපදෙස් දුන්නේ කවුදැයි ජනතාව තේරුම් ගනීවි – ශ්‍රීලපොජපෙ ලේකම් නීතිඥ සාගර කාරියවසම්

මේ රටට ඇත්තටම ආදරය කරන්නේ කවුද කියලා, මේ රටට ඇත්තටම සංවර්ධනයක් ගෙනාවේ කවුද කියලා, ඒ වගේම මේ රට පහුගිය කාලයේ කඩාවට්ටන්න සිදුකරපු කුමන්ත්‍රණයට උපදෙස් දුන්නේ කවුද? කියන කාරණා හොඳින් තේරුම් බේරුම් කරගෙන මේ අවස්ථාවේ පාර්ලිමේන්තු මැතිවරණයට ජනතාවගේ ඡන්දය භාවිතා කරන්න කියන ගෞවරනීය ඉල්ලීම කරන බව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (14) පැවති මාධ්‍ය හමුවකදී කාරියවසම් මහතා එම අදහස් පළ කළේය.

කාරියවසම් මහතා මෙසේ ද කිවේය. 2015 සිදුවූ කුමන්ත්‍රණය ඒ ආකාරයෙන්ම සිදුවුවාදැයි කියන සැකය අපිට තිබෙනවා. 2015 දී වගේම මේ අවස්ථාවේදිත් දිගින් දිගටම ජාතික දේපළ හොරකම් කළා , මේ රටේ විදේශ විනිමය ගුවන් යානාවලින් වෙනත් රටවලට ගෙනගියා වගේ මහා අසත්‍ය චෝදනා නගලා ජනමනස විකෘති කරලා ලබාගත්ත ඡන්දයක් හැටියට අපිට පේන්නේ. මෙය ජනතාව නැවත තේරුම්ගන්නකොට නැවත ඔවුන් අපවටා ඒකරාශි වෙනවා. අපිට ඒ ශක්තිය දෙනවා කියන දැඩි විශ්වාසයක් තිබෙනවා. ඒ වගේම ගියවර කුමන්ත්‍රණය සිදුවුණේ මේ රටේ ජාතික බලවේගය කඩලා ඒ බලය ලබාදුන්නා ධනවාදි කඳවුරකට. නමුත් මෙවර කළේ ඒක අසාර්ථක වෙච්ච නිසා ඒ ජාතික බලය කඩලා එය වාමවාදි කඳවුරකට ලබාදීමට කටයුතු කළා. හැබැයි මේ ජාතික කඳවුර කඩලා වාමවාදි කඳවුරක් ශක්තිමත් කිරීම දිගටම ගෙනියන්න හැකිවේද ? නැත්ද? කියන කාරණය සම්බන්ධයෙන් මේකේ පිටිපස්සේ සිටින පිරිසටද සැකයක් තිබෙන නිසා වෙන්න ඇති මේ වන විට ව්‍යාජ ජනතාවාදි, ජාතිකවාදි කඳවුරකුත් බිහිකරන්නට කටයුතු කරලා තිබෙන්නේ. මේ සියලු කරුණු කාරණා ගැන ජනතාව සිහිබුද්ධියෙන් යුතුව කටයුතු කරලා මේ රටට ඇත්තටම ආදරය කරන්නේ කවුද කියලා , මේ රටට ඇත්තටම සංවර්ධනයක් ගෙනාවේ කවුද කියලා, ඒ වගේම මේ රට පහුගිය කාලයේ කඩාවට්ටන්න සිදුකරපු කුමන්ත්‍රණයට උපදෙස් දුන්නේ කවුද? කියන කාරණා හොඳින් තේරුම් බේරුම් කරගෙන මේ අවස්ථාවේ පාර්ලිමේන්තු මැතිවරණයට ජනතාවගේ ඡන්දය භාවිතා කරන්න කියන ගෞරවණීය ඉල්ලීම කරනවා යැයි සාගර කාරියවසම් මහතා කීවේය.

Related posts

உள்ளகப் பயிற்சியை பூர்த்தி செய்த வைத்தியர்களுக்கு விரைவில் நியமனம்

Mohamed Dilsad

Colombo Ward Place closed

Mohamed Dilsad

CID questions Fonseka over murder of Lasantha Wickremetunga

Mohamed Dilsad

Leave a Comment