Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මැතිවරණයේ දී අලියාට ඡන්දය දෙන්න – හිටපු ඇමැති ජීවන් තොණ්ඩ­මන්

ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී තම දරු­වන්ගේ කැමැ­ත්තට අනුව වතු­ක­රයේ ජන­තාව ඡන්දය භාවිත කළ බවත්, පාර්ලිමේන්තු මැතිවරණයේදී සිය කැමැ­ත්තට අනුව ලංකා කම්කරු කොංග්‍ර­සය කෙරෙහි විශ්වා­සය තබා අලියා ලකු­ණට ඡන්දය භාවිත කරන ලෙස ලංකා කම්කරු කොංග්‍ර­සයේ මහ ලේකම් හිටපු ඇමැති ජීවන් තොණ්ඩ­මන් මහතා වතු සේවකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

එක්සත් ජාතික සන්ධා­න­යෙන් නුව­ර­එ­ළිය දිස්ත්‍රි­ක්ක­යට අලියා ලකු­ණින් තරග කරන ජීවන් තොණ්ඩ­මන් මහතා ඒ බැව් කියා සිටියේ ඊයේ (16) නොර්වුඩ් නිව්වැලි වත්තේදී මැති­ව­රණ ප්‍රචා­රක කට­යුතු ආරම්භ කරමිනි.

පසුගිය සිවු වසරේ තමන්ට ලැබුණු ප්‍රති­පා­දන අනුව වතු­ක­රයේ ජන­තා­වගේ යටි­තල පහ­සු­කම් නංවා­ලී­මට කට­යුතු කළ බවත්, වතු­ක­රයේ ජන­තා­වගේ යටි­තල පහ­සු­කම් නංවා­ලී­මට මෙතෙක් අව­ස්ථාව ලැබුණේ එජාප රජ­යන් යටතේ පම­ණක් බවත් ජීවන් තොණ්ඩ­මන් මහතා  ප්‍රකාශ කළේය.

වතු­ක­රය නියෝ­ජ­නය කරන දේශ­පා­ලන පක්ෂ­ව­ලට ලැබෙන ඡන්ද ප්‍රති­ශ­තය අඩු කිරී­මට ස්වාධීන කණ්ඩා­යම් කිහි­ප­යක් නියෝ­ජ­නය කර­මින් වතු­ක­රයේ තරුණ කණ්ඩා­යම් කිහි­ප­යක් කට­යුතු කරන බවත්, එම කණ්ඩායම්වලට හසු නොවී අලියා ලකුණ දින­වී­මට කට­යුතු කරන ලෙස ජීවන් තොණ්ඩ­මන් මහතා ඉල්ලා සිටී.

කොළඹ රැකි­යා­වල නිර­තව සිටින තම දරු­වන් මැති­ව­රණ කාලයේ නි‍ෙව­සට පැමිණ ඡන්දය අහ­වල් ලකු­ණට දෙන ලෙස පවසා යළි ඔවුන් රැකියා ස්ථාන වෙත යන බවත්, ඉන් අන­තු­රුව වතු­ක­රයේ රැඳී සිටින්නේ වතු කම්ක­රු­වන් බවත් ඔහු පෙන්වා දුන්නේය.

හිටපු ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා වටා සිටි විශාල පිරි­සක් මේ වන විට විවිධ දේශ­පා­ලන කණ්ඩායම්වලට බෙදී මහ­මැ­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වී ඇති බවත්, ලංකා කම්කරු කොංග්‍ර­සය කිසි දිනක දේශ­පා­ලන වාසි තකා කට­යුතු නොක­රන පක්ෂ­යක් බවයි ඒ මහතා ප්‍රකාශ කළේය.

Related posts

நம்பிக்கையில்லா பிரேரணயின் போது வாக்களித்த SLFP உறுப்பினர்கள் தொடர்பில் தீர்மானம்

Mohamed Dilsad

President calls on women to come forward as a powerful force to build the nation

Mohamed Dilsad

‘Navy Sampath’ further remanded

Mohamed Dilsad

Leave a Comment