Trending Newsඑසැන පුවත්දේශීය

ඩුබායි රටේ තියෙනවා යැයි කියන ඩොලර් මිලියන දහසේ බැංකු ගිණුම කාගේද ?

දේශපාලඥයෙකුගේ ඩොලර් මිලියන දහසක, ඩුබායි රාජ්‍යයේ පවත්වාගෙන යන ගිණුමක් තමන් දෑසින් දුටු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කළාය. වරලත් ගණකාධිකාරිවරුන්ගේ 45 වන සමුළුවට සහභාගී වෙමින් ඇය එම තොරතුරු අනාවරණය කළාය. එම සමුළුව සඳහා හිටපු ජනාධිපතිවරු වන මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ යන මහත්වරුද ආරාධිතයන් ලෙස සහභාගී වූහ.

කෙසේ වෙතත් එම ගිණුමේ මුල් පිටපත් ඉදිරිපත් කිරීමට නොහැකි වූ බැවින් එකී දේශපාලඥයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බවද හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සඳහන් කළාය.

ඒ පිළිබඳව අදහස් දැක්වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ අදාළ දේශපාලඥයාගේ බැංකු ගිණුම් සම්බන්ද වාර්තාවක් ලබා ගැනීමට යහපාලන ආණ්ඩු කාලයේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් ඩුබායි රාජ්‍යයට පිටත්ව ගියත් කිසිදු ගිණුමක් ගැන තොරතුරක් සොයා ගැනීමට ඔවුන් අපොහොසත් වූ බවයි.

Related posts

“Still have time to decide World Cup squad” – Hathurusingha [VIDEO]

Mohamed Dilsad

තවත් 81ක් අත්අඩංගුවට

Mohamed Dilsad

உயர் கல்வி நிறுவனங்களின் பட்டப் படிப்புக்களைத் தொடர 4 500 பேர் விண்ணப்பம்

Mohamed Dilsad

Leave a Comment