Trending Newsඑසැන පුවත්දේශීය

පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවෙක් ලෙස නම් කර සිටින, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවි සෙනෙවිරත්න වහාම එම තනතුරෙන් ඉවත් කරන්න – උදය ගම්මන්පිළ

පාස්කු ප්‍රහාරය සිදුවන බවට, රාජ්‍ය බුද්ධි අංශයෙන් එවකට සිටි අපරාධ බුද්ධි අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නට දැනුම් දී ඇති බව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන වාර්තාවේ සඳහන් වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා. ඔහු මේ බව පැවසුවේ අද (21) පාස්කු ප්‍රහාරයේ වාර්තාව සම්බන්ධයෙන් හෙළිදරව්ව කරන විශේෂ මාධ්‍ය සාකච්ඡාව අතරතුරයි.

එහිදී ඔහු කියා සිටියේ, තමා කතා කරන පාස්කු වාර්තාව වන්නේ ජනාධිපතිවරණයට පෙර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පත් කළ කමිටුවෙන් ලබා දුන් වාර්තාව සම්බන්ධයෙන් බවයි. එම වාර්තාවේ 40 පිටුවේ සඳහන් වන්නේ රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ විසින් 2019 අප්‍රේල් 09 වනදා සහරාන් ඇතුළු තව්හිජාමාඩ් ප්‍රසිද්ධි කතෝලික පල්ලි ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට කටයුතු කරන බව විදේශ බුද්ධි අංශයෙන් දැනුම් දුන් බව අපරාධ බුද්ධි අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දී ඇති බවත්, එම නිලධාරියා මේ වන විට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවි සෙනෙවිරත්න බවත් ඔහු කියා සිටියා.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ, “ජනාධිපතිතුමා විසින් අපරාධයට නඩු පැවරිය යුතු බවට කමිටු විසින් නිර්දේශ කර තිබෙන පොලිසිය යටතේ තියෙන ප්‍රධානම විමර්ශනයක චූදිතයෙක් බවට, සැකකරුවෙක් බවට පත් වී තිබෙනව මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් රවී සෙනෙවිරත්න මහතා වහාම එම ධූරයෙන් ඉවත් කළ යුතුයි. රවී සෙනෙවිරත්න මහතා එම ධූරයේ රැඳී සිටින තුරු පොලිසියෙන් යුක්තිය බලාපොරොත්තු වෙන්න බෑ.”

Related posts

அரசுக்கும் தலைவருக்கு அனைவரும் ஒத்துழைப்பு வழங்க வேண்டும்

Mohamed Dilsad

Sri Lanka makes a significant progress in protecting and promoting the rights of the child, CRC was told

Mohamed Dilsad

IUSF convener further remanded

Mohamed Dilsad

Leave a Comment