ගෑස් මිල ඉහළ දැමීම සඳහා සමාගමක් රජයෙන් ඉල්ලීමක් කර තිබේ. ලෝක වෙළෙඳපළේ ගෑස් මිල ඉහළ දමා ඇති බවත් ඒ හේතුවෙන් මෙරට ගෑස් මිල ඉහළ දැමිය යුතු බවද සමාගම පෙන්වා දී තිබේ. ගෑස් මිල ඉහළ නොදැමුවොත්, මෙහෙයුම් පිරිවැය පියවා ගැනීමේ බරපතල අර්බුදයක් ඇතිවන බවද එම සමාගම් සදහන් කර ඇත.
මෙම මස තිස් වැනිදාට යෙදෙන ගෑස් මිල සංශෝධනයේදී අදාළ මිල වැඩි කිරීම සිදුවනු ඇති බවට එම සමාගම සඳහන් කරයි.