Trending Newsඑසැන පුවත්දේශීය

ජාතික ගමනාගමන කොමිෂන් සභාවට නව, සභාපතිවරයෙක් සහ අධ්‍යක්ෂ මණ්ඩලයක්

ජාතික ගමනාගමන කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක් සහ අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කර තිබේ. ඒ අනුව එහි සභාපතිවරයා ලෙස ආචාර්ය බන්දුර දිලීප විතාරණ මහතා පත්කර ඇත. ඔහු ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි.

එම කොමිසමේ අනෙකුත් සමාජිකයින් ලෙස ඩබ්ලිව්. රවී ප්‍රසාද් ද මෙල් මහතා – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,ආචාර්ය නාමලි තරංගා සිරිසෝම මහත්මිය – ශ්‍රීමත් ජෙනරාල් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ඒ. අයි. යූ. පෙරේරා මහතා – දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ලෙස පත් කර තිබේ.

ජාතික ගමනාගමන කොමිෂන් සභා 1991 අංක 37 දරන පනතේ විධිවිධාන පරිදි කොමිෂන් සභා සාමාජිකයින් අතුරින් විෂයභාර අමාත්‍යවරයා විසින් සභාපතිවරයා පත්කරනු ලැබිය යුතු වෙයි. එම පනතේ විධිවිධාන අනුව එම කොමිෂන් සභාව සාමාජිකයින් 8 දෙනෙකුගෙන් සමන්විත විය යුතු අතර එහි 3(1)(අ) වගන්තිය අනුව ඉන් තිදෙනෙකු ප්‍රවාහන, ප්‍රතිපත්ති සැලසුම් හා මුදල් යන විෂයභාර අමාත්‍යාංශ නියෝජනය කරමින් නිල බලයෙන් පත් කරනු ලබයි.

එම පනතේ 3(1)(ආ) වගන්තියේ නිර්ණායකයන්ට යටත්ව අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහිතව ප්‍රවාහන විෂයභාර අමාත්‍යවරයා විසින් සාමාජිකයින් පස්දෙනෙකු පත් කළ යුතුව ඇති අතර ඔවුන්ගේ ධුර කාලය වසර 03කි.

Related posts

இந்த வருடத்தின் முதலாவது அமைச்சரவைக் கூட்டம் நாளை

Mohamed Dilsad

“Sri Lanka must recalculate its foreign policies” – Prime Minister

Mohamed Dilsad

Qatar pulls out of OPEC

Mohamed Dilsad

Leave a Comment