Trending Newsඑසැන පුවත්දේශීය

බදු අඩු කර ජනතාවට සහන දීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරන්න සූදානම් – සජිත් ප්‍රේමදාස

පාර්ලිමේන්තුවේ බහුතරය ලැබුණොත් ජනාධිපතිවරයා සමඟ එක්ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති ගිවිසුම සංශෝධනය කරන බව සමගි ජන බලවේගයේ හා සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මැද කොළඹ සංවිධායක මුජිබර් රහ්මාන් මහතාගේ මූලිකත්වයෙන් පැවැති ජන හමුවකදීය.

හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ක්‍රියාත්මක කළ අසාධාරණ බදු සූත්‍රය ඉක්මණින් වෙනස් වෙනු ඇතැයි යන විශ්වාසයෙන් සිටින බව ද ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

අනුර දිසානායක මහතාගේ ආණ්ඩුව මේ බදු සූත්‍රය වෙනස් කරන විට IMF සමඟ සාකච්ඡා කර කට වචනයට පමණක් නොව ප්‍රායෝගිකව වෙනස් කිරීමට කටයුතු කළ යුතු බවත් දස ලක්ෂ සංඛ්‍යාත ජනතාව තමන්ගේ සෘජු සහ වක්‍ර බදු අඩු වන තුරු අපේක්ෂාවෙන් සිටින බවත් හෙතෙම සඳහන් කළේය.

එසේ ම පාර්ලිමේන්තුවේ බහුතරය සමගි ජන බලවේගයට ලබා දුන් පසු අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමඟ එකට කටයුතු කර IMF ගිවිසුමේ ඇති ජනතා විරෝධී විධිවිධාන වෙනස් කර ජනතාවගේ පැත්තෙන් ජනතාවට බරක් පැටවෙන්නේ නැති පොදු ජනතාවට උහුලා ගත හැකි ජන ජීවිතයක් නිර්මාණය කිරීම සඳහා නව ගිවිසුමකට යන බවත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. සමගි ජන බලවේගය විපක්ෂයේ සිටින විට IMF නියෝජිතයන් සමඟ වට ගණනාවක් සාකච්ඡා කළ බවද එහිදී ඔහු පැවසුවේය.

එම සාකච්ඡාවලදී හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ක්‍රියාත්මක කරන බදු සූත්‍රය අසාධාරණ බැවින් එය වෙනස් කරන බව පැවසූ බවත් අපේක්ෂිත රාජ්‍ය ආදායමට වඩා වැඩි ආදායමක් ලැබෙන මේ අසාධාරණ බදු සූත්‍රය ජනතා වරමින් වෙනස් කරන බව පැවසූ බවත් මෙවර සමගි ජන බලවේගයට රටේ ජනතාව බලය ලබා දුන් පසු එම වරමින් නව IMF ගිවිසුමක් සකස් කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ගර්භනී මවගේ සිට ළදරු පරපුර, දරු පරපුර, වැඩිහිටි තරුණ ජන සමාජයේ සියලු දෙනාට විශාලම හානියක් කරන බදු සූත්‍රයක් රටේ ඇති හෙයින් එයට වගකිව යුත්තේ හිටපු ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව බවයි ප්‍රේමදාස මහතා අවධාරණය කළේය. ඔවුන්ට ජනතාවගේ පැත්තෙන් සිතා ජනතාවගේ කරපිට අසීමිත බරක් පටවන්නේ නැති ජනතාවාදී වැඩපිළිවෙළකට යා හැකි වුවත් සීමාවෙන් එහා ගොස් බදු පිට බදු පැටවූ බවත් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

Related posts

Mattala Airport to be developed with an India, Sri Lanka joint venture

Mohamed Dilsad

අරගලකරුවන්ට තව පැය කිහිපයයි

Mohamed Dilsad

UN asks Sri Lanka to repatriate Commander in Mali

Mohamed Dilsad

Leave a Comment