Trending Newsඑසැන පුවත්දේශීය

මේ වතාවේ බැරි වුණාත්, ඊළඟ වතාවේ ආණ්ඩුවක් හදනවා – රංජන් රාමනායක

එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂ සැලුන් දොරවල් නොමැති බවත්, පෙනේරයක් තිබෙන බවත්, එහි නායක, රංජන් රාමනායක මහතා ප්‍රකාශ කරයි.

මාතලේ ප්‍රදේශයේ අද (23) පැවති ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා එසේ ප්‍රකාශ කළේය. සිය පක්ෂයට මෙවර විපක්ෂයක් පමණක් නිර්මාණය කළ හැකි බවද හෙතෙම කීවේය.

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තම පක්ෂයෙන් ඉදිරිපත්වීමට සැලසුම් කළ දූෂණයට, වංචාවට ගෑවුණු සියළුදෙනා අපේක්ෂකත්වයෙන් ඉවත් කිරීමට සිදුවූ බවයි රංජන් රාමනායක මහතා සඳහන් කළේය. ඒ අනුව තම පක්ෂය දිස්ත්‍රික් නවයකට පමණක් නාම යෝජනා බාරදුන් බවත්, මෙවර ආණ්ඩුවක් සෑදීමට බලාපොරොත්තු නොවුනද, විකල්ප පාලන ක්‍රමයක් සමග තම පක්ෂය ඊළග ආණ්ඩුව සෑදීමට සූදානම් බවත් ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියා.

Related posts

சொப்பன சுந்தரிக்கு பதில் கிடைக்குமா?

Mohamed Dilsad

ජනවාරි පළවෙනිදා රාජකාරී අරඹන විදිය ගැන රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් මාලාවක්

Editor O

இலங்கை முழுவதும் 2200 க்கும் அதிகமான கண்காணிப்பாளர்கள் கடமைகளில்

Mohamed Dilsad

Leave a Comment