Trending Newsඑසැන පුවත්දේශීය

සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරුයි. පොලීසිය සහ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහතික වෙයි. හදිසියක් නම් 1997 අමතන්න

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාකරයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පියවර ගෙන ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ගවේෂණය කරන සියලුම සංචාරකයින්ගේ ආරක්ෂාව පිළිබඳව සහතිකවන බවද එම නිවේදනයේ සඳහන්. එමෙන්ම, ශ්‍රී ලංකාවේ රැඳී සිටින සියලුම සංචාරකයින් සඳහා ඉහළම මට්ටමේ ආරක්ෂාවක් පවත්වාගෙන ‍යන බවද එම නිවේදනයෙන් සහතික වී තිබෙනවා.

දැනට දිවයින තුළ රැඳී සිටින සියළුම විදේශිකයින්ගේ ආරක්ෂාව සහතික කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවට ආරක්ෂක අමාත්‍යාංශය ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයට සහතික වී ඇති බවද එම නිවේදනයේ සඳහන්.

ආරුගම්බේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (23) විශේෂ ප්‍රකාශයක් කළේය. හෙතෙම සඳහන් කළේ, මැදපෙරදිග යුද වාතාවරණය ඇරඹීමත් සමගම ත්‍රස්තවාදී කටයුතු විවිධ පාර්ශ්වවලට ව්‍යාප්ත වෙලා තිබුණා. ශ්‍රී ලංකාවටත් යම් තර්ජනයක් ඇතිවේ යැයි සැකයක් ඇතිවුණු නිසා බුද්ධි අංශ ඒ සම්බන්ධයෙන් ඉතා හොඳින් ආවේක්ෂණ රාජකාරී කළා. ඔක්තෝබර් 07 වන විට ඒ සම්බන්ධයෙන් අපිට බුද්ධි තොරතුරු ලැබී තිබුණා. විදේශික ජාතිකයන් ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල කරන්න සූදානම් කියලා මීට සති 3කට පෙර පටන් ජානාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක කවුන්සිලයේ සාකච්ඡා කළා. ඒ සම්බන්ධයෙන් උපදෙස් ලැබුණා. උපදෙස් ප්‍රකාරව එම විදේශිකයන්ගේ ආරක්ෂාව, එම ස්ථානවල ආරක්ෂාව, ආගමික කටයුතු කරන ස්ථානවල විශේෂ ආරක්ෂක සැලසුමක් යටතේ පොලීසිය, පොලිස් විශේෂ කාර්යය බලකාය,, බුද්ධි නිලධාරීන් ආරක්ෂාව යොදවා තිබෙනවා. මෙම ආරක්ෂක කටයුතු ඊයේ (22) දිනයේ සිට විශේෂිත වූ ආරක්ෂක සැලැස්මක් දියත් කළා. ඊට හේතුව ඒ තොරතුර නිශ්චිතව ලැබීම.

දේශීය වශයෙන් දේශීය පුද්ගලයන් ඉලක්ක කරගෙන කිසිදු තර්ජනයක් මේ වනවිට නිරීක්ෂණය වන්නේ නැහැ. නමුත් අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා කිසියම් ත්‍රස්තවාදී තර්ජනයක්, වෙනස්වීමක්, තොරතුරක්, පුද්ගලයෙක් සම්බන්ධයෙන්, ප්‍රහාරයක් ගැන වාර්තා වුණොත් වහාම පොලීසියට දැනුම්දෙන්න. ඒ වගේම 1997 කෙටි අංකය යටතේ ඕනෑම වෙලාවක දැනුම්දීමක් කරන්න පුළුවන්. මේ වන විට ප්‍රමාණවත් ආරක්ෂාවක් යොදවා තිබෙනවා. වැටලීම්, සෝදිසි කිරීම් ක්‍රියාත්මකයි. නමුත් සැකකටයුතු සිදුවීම් වාර්තාවී නැහැ. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කිසිම ප්‍රශ්නයක් නැහැ. විදේශික ජාතිකයන් සම්බන්ධයෙන් යම් ගැටලුවක් තිබුණා.  ඒක ලෝකයේ අනෙක් රටවලටත් පොදුයි. කෙසේනමුත් අපි එසේ නොවෙන්න අවශ්‍ය කටයුතු කර තිබෙනවා යැයි ද කීවේය.

Related posts

Sri Lanka to bring down China suppliers to end canned fish issue, Minister Rishad Bathiudeen says Lankan import standards revised

Mohamed Dilsad

இலங்கை மின்சார சபையில் 8000 கோடி ரூபாய் நட்டம் [VIDEO]

Mohamed Dilsad

வேனில் கஞ்சா போதைப்பொருளை கொண்டு சென்ற இருவர் கைது

Mohamed Dilsad

Leave a Comment