Trending Newsඑසැන පුවත්දේශීය

ප්‍රභු ආරක්ෂක නිලධාරීන්ට මින් පසු තහනම් වැඩ ලේඛනය මෙන්න

ප්‍රභූ ආරක්‍ෂාව සඳහා යොදවා සිටින පොලිස් නිලධාරීන් එම ප්‍රභූන්ගේ පෞද්ගලික වැඩ සඳහා මෙන්ම එම ප්‍රභූන්ට සම්බන්ධ වෙනත් අයගේ ආරක්‍ෂාව සඳහා යෙදවීමට ඉඩ නොතබන ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් සියලුම නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ අදාළ අංශයන් බාර අධ්‍යක්‍ෂවරුන් වෙත ඊයේ (23) දැනුම්දී තිබේ.

ඒ, අනුව ප්‍රභූ ආරක්‍ෂකයන් එසේ වෙනත් කටයුතුවල යෙදුණහොත් එම නිලධාරියාට මෙන්ම ඔහු අධීක්‍ෂණ කරන නිලධාරීන්ට විරුද්ධව විනයානුකූලව කටයුතු කරන බවද පොලිස්පතිවරයා දන්වා තිබේ. පොලිස් මූලස්ථානය ප්‍රකාශ කරන ආකාරයට, පසුගිය අවධියේදී ඇමැති ආරක්‍ෂක අංශවල ඇතැම් නිලධාරීන් කඩේයෑමටත්, බල්ලන් නෑවීමටත්, පොළේ යෑමටත්, දරුවන් පාසල් සිට නිවෙස්වලට රැගෙන යෑමටත් කටයුතු කර තිබූ බව සඳහන්.

Related posts

(UPDATE)-ஆமர் வீதியில் துப்பாக்கி சூடு

Mohamed Dilsad

රථවාහන පොලිස් නිලධාරීන්ගේ නිල ඇඳුමේ කැමරා සවිකරයි.

Editor O

பசிபிக் பெருங்கடலில் 5.2 ரிக்டர் அளவில் நிலநடுக்கம்

Mohamed Dilsad

Leave a Comment