“සංගණන දිනය ” ලෙස 2024 දෙසැම්බර් 19 දින නම් කර ඇති අතර ඒ අනුව එම කාලය තුළ රටේ සෑම සංගණන ඒකකයකටම සංගණන නිලධාරියෙකු පැමිණ තොරතුරු රැස් කරනු ලබන බව සංගණන අඥා පනතට අනුව එම ලබා ගන්නා පෞද්ගලික තොරතුරුවල රහස්‍යභාවය සුරැකීමට සෑම සංගණන නිලධාරීයෙකුම බැඳී සිටීන බැවින් නිවැරදි තොරතුරු ලබා දීමට බිය නොවන ලෙස ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ඩී. ඩී. ජී.ඒ. සෙනෙවිරත්න මහත්මිය ප්‍රකාශ කළාය.
අධ්යක්ෂ ජනරාල්වරිය මේ බව ප්‍රකාශ කළේ ඊයේ (23) දින රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති සාකච්ඡාවකදීයි .
ඒ අනුව එම කාලය තුළ රටේ සෑම ඒකකයක්ම ආවරණය වන ලෙස සංගණනය සිදු කෙරන බවත් 2024 ඔක්තෝම්බර් 07 නිල වශයෙන් සංගණනය ආරම්භ කර ඇති අතර මේ වන විට ජන හා නිවාස සංගණනයේ තුන්වැනි අදියර වන පුද්ගල හා නිවාස ඒකක පිළිබඳ තොරතුරු රැස් කිරීම සිදු කරන බව අධ්යක්ෂ ජනරාල්වරිය සඳහන් කළාය.
එමෙන්ම රටේ මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක තොරතුරු රැස් කරන බැවින් සංගණනය සඳහා නිවෙස්වලට යන නිලධාරීන් සංගණන අඥා පනතේ නීතිවලටත් මැතිවරණ කොමිෂන් සභාවේ නීතිවලටත් යටත්ව කටයුතු කරන බවට දිවුරුම් ලබා දී ඇති බව පැවසු අධ්යක්ෂ ජනරාල්වරිය එම නිලධාරීන් හුදෙක්ම නිවෙස් කරා යාම සිදු කරනුයේ තම රාජකාරී කටයුත්ත සඳහා බවත් කිසිදු දේශපාලන පක්ෂයක් හෝ පුද්ගලයෙකු ප්‍රවර්ධනය සඳහා නොවන බවයි වැඩිදුරටත් සඳහන් කළේ .
තවද මෙම කාලය තුළදී සංගණන ක්රියාවලියෙහි තාක්ෂණික කටයුතු මෙහෙයවිම ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සිදු කරන අතර පරිපාලන කටයුතු දිස්ත්‍රික් ලේකම් ප්‍රාදේශිය ලේකම් ඇතුලු දිස්ත්‍රික් පරිපාලනය විසින් සිදු කරන අතර මෙවර තොරතුරු රැස් කිරීම සඳහා රාජ්‍ය නිලධාරීන් ඇතුළුව නිලධාරීන් 35,000ක් පමණ මෙම ක්‍රියාවලියට යොදවා ඇත.
ශ්‍රි ලංකාවේ සංගණන ඉතිහාසයේ ප්‍රථම වරට පරිගණක තාක්ෂණය භාවිතා කරමින් මෙවර සංගණන කාර්ය සිදු වන බවත් ඔවුන්ට ඒ සඳහා මනා පුහුණුවක්ද ලබා දී තිබේ.
තවද අවසන් වරට සංගණයනයක් පවත්වා ඇත්තේ 2012 වර්ෂයේ වන අතර ඒ අනුව මෙම සංගණනය පැවැත්වෙනුයේ වසර 12කට පසුව බවද පැවසු අධ්යක්ෂ ජනරාල්වරිය, කිසිදු පුද්ගලයෙකු හෝ නිවසක් මග නොහැරෙන ලෙසත් එක ඒකකයක් දෙවරක් ගණන් නොගැනෙන ලෙස මෙම සංගණනය සිදු කරන බවද ප්‍රකාශ කර සිටියා . මෙම සංගණන ක්‍රියාවලියේදී සෑම සංගණන ඒකකයකටම රතු පැහැති සංගණන ලේබලයක් අලවයි.
එම ඒකකයන්වල පදිංචි පුද්ගලයින්ගේ තොරතුරු සඳහන් කිරීමට කහ පැහැති පත්‍රිකාවක් අදාළ ඒකකයන්වලට ලබා දෙන අතර තොරතුරු රැස් කිරීමට සංගණන නිලධාරීන් පැමිණිවිට එම කහ පැහැති පත්‍රිකාව පුරවා දෙන ලෙසත් අධ්යක්ෂ ජනරාල්වරිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා .
සංඛ්‍යාලේඛන අනාගත පරපුරේ සහ රටේ සාර්ථකත්වයට අඩිතාලමක් වන බැවින් මේ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී