Trending Newsඑසැන පුවත්දේශීය

බඩු මිල පාලනය කර ගත නොහැකි තරමට වත්මන් ආණ්ඩුව දුර්වලයි – සජිත් ප්‍රේමදාස

බඩු මිල පාලනය කරගත නොහැකි තත්ත්වයට ආණ්ඩුව දුර්වල සහ අකාර්යක්ෂම වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (24) අවිස්සාවේල්ලේ පැවැති ජන හමුවකදීය.

සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද කීවේය. ආර්ථික ප්‍රතිපත්තිය මෙහෙය වන බවත් කෙටි කාලයක් තුළ ආහාර පාන ඇතුළු භාණ්ඩවල හිඟයක් නිර්මාණය වී අත්‍යාවශ්‍ය ආහාරවල මිල ඉහළ ගෙස් අමාරුවෙන් ජීවත් වන ජනතාවගේ ජන ජීවිත කඩා වැටිලා. ජීවත් වන්නට පුලුවන් රටක් නිර්මාණය කරන බවට මැතිවරණ සමයේ පොරොන්දු වුවත් අහස උසට ආහාර මිල වැඩිවන විට ⁣ජනතාවට ජීවත් විය නොහැකි අසීරු තතත්ත්වයට පත්වෙලා. ආදායම් මාර්ග හැකිලි ආදායම් අඩුවී ජන ජීවිත දුෂ්කර වී ඇති අවස්ථාවක, අසීමිත ලෙස අත්‍යාවශ්‍ය ආහාරවල මිල ඉහළ යන විට අඩු මුදලකට ඒ ආහාර ලබා ගන්න පෝලිම් ඇතිවෙලා.

සමගි ජන බලවේග රජයක් තුළ බඩු මිල පාලනය කළ හැකි ශක්තිමත් ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න සූදානම්. ලක්ෂ 220 ජනතාවගේ සෞභාග්‍යය උදෙසා යහපත් රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කර, දරාගත හැකි මිලකට අත්‍යවශ්‍ය ආහාර ලබා ගැනීමේ යුගයක් බිහි කරනවා.

ජනතාවගේ ආශිර්වාදය ලබා ගැනීමට බොරු කියා රජවීමේ යුගයට නැවතීමේ තිත තියා සෞභාග්‍යය සම්පන්න රටක් හා අනාගතයක් උදාකරන්න කටයුතු කරනවා. දූෂණයෙන් වංචාවෙන් සොරකමින් තොර රටක් නිර්මාණය කිරීමට කැප වන බවද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

Related posts

බිග් මැච් සමයේ උපදෙස් මාලාවක්

Mohamed Dilsad

මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් තවදුරටත් ඉහළට

Mohamed Dilsad

Water cuts for several areas in Kandy today

Mohamed Dilsad

Leave a Comment