Trending Newsඑසැන පුවත්දේශීය

මත්පැන් බලපත්‍ර අලුත් කිරීම පෙර කළ යුතු දේවල් ගැන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් උපදෙස් මාලාවක්

මත්පැන් බලපත්‍ර අලුත් කිරීම කිරීම සඳහා නිෂ්කාශන සහතික ලබාගැනීමේදී අනුගමනය කළ යුතු කරුණු පිළිබඳ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

2025 ජනවාරි 01 වැනිදා සිට මත්පැන් බලපත්‍ර අලුත් කිරීමේදී අවශ්‍යවන නිෂ්කාශන සහතික ඉල්ලුම් කිරීමට අදාළව,  2023 /2024 තක්සේරු වර්ෂය සදහා ආදායම් බදු අනිවාර්යයයෙන් ගෙවා තිබිය යුතු අතර, 2024/ 2025 තක්සේරු වර්ෂයටද මුල් කාර්තු දෙක සඳහා ද ආදායම් බදු ගෙවා තිබි්‍ය යුතුයි.

එසේම, නියමිත පරිදි සමාජ ආරක්ෂණ දායකත්ව බදු ගෙවා තිබිය යුතු අතර, වෙනත් බදු සඳහා ලියාපදිංචි වී ඇත්නම් ඊට අදාළ වාර්තා ලබාදී ඒවාද ගෙවා නිමකර තිබිය යුතු බව එහි සඳහන්. බදු ගෙවීමට නොමැති නම් ඊට හේතු අයදුම්පතෙහි සඳහන් කළ යුතු අතර, අදාළ නිෂ්කාශන සහතිකය සෘජුවම සුරාබදු දෙපාර්තමේන්තුව වෙත යොමු කෙරෙන බව ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related posts

අනතුරු අවම කර ගැනීමට ජනතාවට උපදෙස්

Mohamed Dilsad

என் காதலுக்கு இது தடையாக இருக்க வாய்ப்பில்லை?

Mohamed Dilsad

“There is No Need For me to Apologize” – Ranjan Ramanayake [Video]

Mohamed Dilsad

Leave a Comment