ජනාධිපතිවරණයේදී මෙන් මහ මැතිවරණයේදී ද තමන් වහන්සේ නිහඬව සිටීමට තීරණය කර තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රත්න ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළහ. ගිය වර වැටුණු අමාරුව දන්නා හෙයින් මෙවර නිහඬව සිටින බවයි රතන හිමියෝ සඳහන් කළහ. කොළඹ අද (25) පැවති මාධ්‍ය හමුවකදී රතන හිමියෝ එම අදහස් පළ කළහ.
දේශපාලන පක්ෂයකට හෝ පාර්ලිමේන්තුවට සීමා නොවී රටේ ආරක්ෂාව වෙනුවෙන් ඉතා පුළුල් ජාතික ව්‍යාපාරයක් ගොඩනගා ගැනීම මේ මොහොතේ කළ යුතුව ඇති බවද රතන ස්වාමීන් වහන්සේ සඳහන් කරති.
රතන හිමියෝ මෙසේ ද පැවසූහ. මීට මාස තුනකට පමණ පෙර ප්‍රකාශ කළා මම නැවත පාර්ලිමේන්තු යන්න කිසිම පක්ෂයකින් ජන්දය ඉල්ලන්න බලාපොරොත්තුවක් නැහැ කියල. හැබැයි රටේ ආරක්ෂාව වෙනුවෙන් ජාතික ව්‍යාපාරයක් අවශ්‍යයි කියන තැන ඉඳල පෙළගැස්වීමක් කරන්න බලාපොරොත්තු වුණා. නමුත් අපට ඒවා කරගන්න බැරිවුණා. විශේෂයෙන් මහ මැතිවරණයේදී අපේ මතවාදය වෙනුවෙන් පුළුල් දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට සාකච්ජා කළා. නමුත් ඒ එකක්වත් අපි හිතපු මට්ටමට සාර්ථක වුණේ නැහැ. මගේ උපදේශකත්වයෙන් එවැනි ව්‍යාපාරයක් ගොඩනගන්න තමයි මහන්සි වුණේ. ඒකට ඉඩකඩක් නැති බවක් අපිට පෙනුණා. මුදල් නැහැ. ලියාපදිංචි පක්ෂයක් නැහැ. ඉතින් ගියවර වෙච්ච අමාරුව දන්න හන්දා ඒ අමාරුවේ වැටෙන්න මම කැමති වුණෙත් නැහැ. ඒ නිසා මෙවර මහ මැතිවරණයේදී ජනාධිපතිවරණයේදී මෙන් නිහඬ ප්‍රතිපත්තියේ ඉන්නවා කියන තීරණයට ඇවිත් තියෙනවා. මේ වන විට විසිරුණ බලවේග රැසක් තිබෙන අතර රැළිවලට හසු නොවී සුදුසු පුද්ගලයින් දෙස බලා ජන්දය දෙන ලෙසටද ඉල්ලා සිටිනවා. ශක්තිමත් විපක්ෂයක් පාර්ලිමේන්තුවේ තිබිය යුතු බවද රතන හිමියෝ සඳහන් කළහ.