Trending Newsඑසැන පුවත්දේශීය

සහල් මිල පාලනයට ජනාධිපතිගේ අවධානය

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කෘෂිකර්ම, වෙළෙඳ අමත්‍යාංශවල සහ වී අලෙවි මණ්ඩලයේ නිලධාරින් පිරිසක් අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී හමු විය. සහල් මිල සහ ඒ සම්බන්ධයෙන් පවතින වර්තමාන තත්ත්වයන් පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරුණු අතර ඒ සම්බන්ධව ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

අග්‍රමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමූපකාර සංවර්ධන, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්. නයිමුදීන්, වී අලෙවි මණ්ඩලයේ සභාපති ඒ.එම්.යූ. පින්නලන්ද යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Related posts

IMF දෙවැනි වාරිකය ලැබෙන දිනය

Mohamed Dilsad

ජනතා බලාපොරොත්තුව නැවුම් විපක්ෂයක් – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Editor O

ඇඳිරි නීතිය කඩ කළ පිරිස 62,500 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment