පොල් වගා කිරීමේ මණ්ඩලය විසින් ජංගම ලොරි රථවලින් ගොස් පාරිභෝගික ජනතාවට පොල් සහන මිලට අලෙවි කිරීමේ වැඩසටහන අද (26) සහ හෙට (27) දින ක්රියාත්මක නොවන බව එම මණ්ඩලය සඳහන් කරයි.
පොල් වගා කිරීමේ මණ්ඩලයේ ජංගම රථ මගින්, මහරගම නගරයේ ජනතාව වෙනුවෙන් ඊයේ (25) දිනයේ පොල් ගෙඩි 5,000ක් අළෙවි කර තිබේ. පොල් ගෙඩියක් රුපියල් 110ක මිලට එහිදී ජනතාවට ලබාදී තිබේ.