මානව හිමිකම් සංවිධානයකට අයත් ස්ටිකරයක් සහිත මෝටර් රථයක් මහරගම පමුණුව පරණ පාරේ රෙදි පිළි වෙළඳසැලක් ඉදිරිපිට දමා ගොස් තිබියදී අද (26) උදෑසන සොයාගත් බව මහරගම පොලිසිය කියයි.
මහරගම වෙළෙඳ සංගමයේ සාමාජිකයන් පොලිසියට කරන ලද දැනුම් දීමක් අනුව එම වාහනය සොයාගෙන ඇති අතර වාහනයේ ස්ථාන කීපයකම අනතුරට ලක්වූ බව දැක්වෙන සටහන් ඇතැයි පොලිසිය සඳහන් කළේය. නිල් පැහැති මෝටර් රථයක් මෙලෙස සොයාගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.