Trending Newsඑසැන පුවත්දේශීය

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට ආරක්ෂාව ගැන අවධානයෙන් පසුවන ලෙස උපදෙස්

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකීකයන් ට, සිය ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා තානාපති කාර්යාලය උපදෙස් දී තිබේ. ගමන් බිමන් අවම කර රැකියා ස්ථානයේ සිටින ලෙසට උපදෙස් දී තිබේ.

ඊශ්‍රායලය විසින් ඉරානයේ තෝරාගත් ස්ථාන කිහිපයක් වෙත මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බව විදේශීය මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ හේතුවෙන් මැදපෙරදිග කලාපයේ යළිත් නොසන්සුන් තත්ත්වයක් උද්ගතවෙමින් ඇතැයි සඳහන්.

මෙම තත්ත්වය ඉදිරියේදී තවදුරටත් වර්ධනය වනු ඇතැයි, ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කරයි. ඒ අනුව ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන් එල්ලවිය හැකි ඩ්‍රෝන හා මිසයිල ප්‍රහාර පිළිබඳව අවධානයෙන් සිටින ලෙසට දැනුම්දී තිබේ. ඉරාන, ඉරාක, ලෙබනන්, සිරියා හා ඊශ්‍රායිල් ගුවන් සීමාවල ගුවන්යානා ගමන් නොකරන තත්ත්වයක් පවතින බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

Related posts

ඉන්දියාවෙන් – ශ්‍රී ලංකාවට සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක්

Editor O

“Pakistani people have a friendly image on Sri Lanka” – Envoy

Mohamed Dilsad

මෙරට 36 වන කොවිඩ් මරණයත් වාර්තා වෙයි

Mohamed Dilsad

Leave a Comment