Trending Newsඑසැන පුවත්දේශීය

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදීම ඇරඹේ

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා, නිවෙස් වෙත තැපැල් මගින් බෙදා හැරීම අද (27) සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අද (27) ඉරිදා දිනයේ දී එම බෙදාහැරීම් කටයුතු සිදු කරන බවද තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව අද සිට නොවැම්බර් මස 7 වැනිදා දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් බෙදා හැරීම සිදු කරන බවද තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි. නොවැම්බර් මස 3 වන ඉරිදා දිනද විශේෂ දිනයක් ලෙස ජන්ද පත්‍රිකා ජන්දදායකයින් වෙත බෙදා හැරීමේ කටයුතු සිදු කරන බවත්, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් බෙදා හැරීම සඳහා 8000ක පමණ තැපැල් කාර්යය මණ්ඩලයක් යොදවන තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කොළඹ දිස්ත්‍රික්කයේ නිල දැන්වීම් පත්‍රිකා මෙතෙක් ලැබී නොමැති බැවින් එම දිස්ත්‍රික්කයේ බෙදාහැරීම පසුව සිදු කරන බවද සඳහන්.

Related posts

ராஜிதவின் முன்பிணை மனு நிராகரிப்பு

Mohamed Dilsad

சிரியாவில் வான்வழி தாக்குதலில் 17 பேர் பலி

Mohamed Dilsad

Suspect arrested with 29.8 kg of Kerala cannabis

Mohamed Dilsad

Leave a Comment