Trending Newsඑසැන පුවත්දේශීය

සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ බදු අඩු කර ජනතාවට සහන දෙනවා – සජිත් ප්‍රේමදාස

උපයන විට බද්ද, වැට් බද්ද, සෘජු හා වක්‍ර බදු අඩු කරනවා යැයි වත්මන් ජනාධිපතිවරයා මැතිවරණ වේදිකාවේ දී කීවත් ජනාධිපතිවරයා ලෙස පත් වූ පසු මේ කරුණු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කළත් අද වන තුරු අයිඑම්එෆ් එකඟතාවක් අනුමැතියක් ලැබි නැති බවත්, ජනතාව බදු අඩු වෙනතුරු සහ ජීවන බර අඩු වෙනතුරු බලා සිටියත් එය කිරීමටවත් වත්මන් ආණ්ඩුවට බැරි වී ඇතැයි සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා විසින් මැද කොළඹදී පැවැත්වූ ජන හමුවකට සහභාගී වෙමින් සජිත් ප්‍රේමදාස මහතා එසේ පැවසීය.

එබැවින් එළඹෙන මහමැතිවරණයේ දී සමගි ජන බලවේග ආණ්ඩුවක් බිහිවිය යුතු බවත් එසේ නොවුවහොත් අයිඑම්එෆ් ගිවිසුම වෙනස් කළ නොහැකි බවත් සමගි ජන බලවේගය අවස්ථා කිහිපයකදීම විපක්ෂයේ සිට අයිඑම්එෆ් එකත් සමග සාකච්ඡා කර එකගතාවට එළැඹ ඇති බැවින් එම ගිවිසුම වෙනස් කළ හැක්කේ සමගි ජන බලවේගයට බවද ප්‍රේමදාස මහතා කීවේය.

ලක්ෂ ගණනක් ජනතාව දුප්පත් වී, විදුලිය පවා විසන්ධි කර ඇති බවත් ව්‍යාපාර කඩා වැටී ඇති මේ ජනතාවගේ පීඩනයට ආණ්ඩුව ලබා දෙන එකම උත්තරය වන්නේ පොල් පෝලිම බවත් ඊට අමතරව අහස උසට බඩු මිල ඉහළ ගොස් ආදායම් අඩු වී වියදම් වැඩි වී එදිනෙදා වේල් 3 පිරිමහ ගන්න බැරිව සිටිනවා.

මෙවැනි තත්ත්වයක් තුළ අයිඑම්එෆ් ගිවිසුමේ ඇති ජනතා විරෝධී කොන්දේසි තුළ රටක් ලෙස ඉදිරියට යාමට නොහැකි බවත් එම නිසා මේ ගිවිසුම වෙනස් කර ජනතවාදී ගිවිසුමකට යා යුතු බවත් පැවසූ ඒ මහතා එසේම 2028දී ණය ගෙවන්නට නම් වේගවත් ආර්ථික වර්ධනයක් රටට අවශ්‍ය බවත් එසේ නොමැති නම් 2033 දක්වා මේ ගිවිසුම සංශෝධනය කල යුතු බවත් අයිඑම්එෆ් ගිවිසුම වෙනස් නොකළොත් රටක් ලෙස අප තවදුරටත් බංකොලොත් වන බවද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

Related posts

Parliamentary debate on actions of Constitutional Council today

Mohamed Dilsad

பிரச்சினைகளைத் தீர்க்க சகல கட்சிகளும் ஜனாதிபதியுடன் ஒன்றாகப் பாடுபட வேண்டும்

Mohamed Dilsad

பிரதமர் கதிர்காமம் புனித பூமிக்கு விஜயம்

Mohamed Dilsad

Leave a Comment