Trending Newsඑසැන පුවත්දේශීය

මෝටර් රථයක් අඩි 60ක් ගැඹුරු ගල් වළකට පෙරළී සිව්දරු පියා ජීවිතක්ෂයට

ගල් වළකට මෝටර් රථයක් පෙරලී අද (31) උදෑසන සිදුවූ අනතුරකින් සිව් දරු පියකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇතැයි ආණමඩුව පොලිසිය පවසයි. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, ආණමඩුව තෝනිගල ඔරුගල ප්‍රදේශයේ පදිංචි රාජපක්ෂ මුදියන්සේලාගේ චමින්ද උපුල් කුමාර නැමති 46 හැවිරිදි සිව් දරු පියෙකි.

මෝටර් රථයෙන් ගල් වළකට ගමන් කරමින් සිටියදී මෝටර් රථය ලිස්සා ගොස් අඩි හැටක් පමණ ගැඹුරැති ගල් වළෙන් පහළට ඇදවැටී තිබේ. එහිදී මෝටර් රථයටද දරුණු හානි වී රථයේ රියදුරු මෝටර් රථය තුළම මරණයට පත්ව ඇති බව පරික්ෂණ පවත්වන පොලීසිය පැවසීය. මරණයට පත්වු සිව්දරු පියා මේ වන විට ගොවිතැන් කටයුතු වල නිරත වෙමින් සිටින වගාකරුවෙකු බවත් කලින් කළුගල් වළවල් පවත්වාගෙන යමින් කළුගල් කැඩිමේ නිරත වු අයකු බවද පැවසෙයි.

Related posts

Water cuts for several areas in Kandy tomorrow

Mohamed Dilsad

Sri Lanka chairs the Social Forum 2018 of the UN Human Rights Council

Mohamed Dilsad

பாதுகாப்பு பிரச்சினைகள் குறித்து கலந்துரையாடினோம்

Mohamed Dilsad

Leave a Comment