ප්‍රමුඛ පුවත 1

ජනපති ඕස්ට්‍රේලියාව බලා පිටත් වෙයි

(උදයම්,කොළඹ) –  රාජ්‍ය නායක සංචාරයක් සදහා ඔස්ටේ‍්‍රලියාවෙන් ශී‍්‍ර ලංකාවට ලැබුණු ප‍්‍රථම නිල ආරාධනය සනිටුහන් කරමින් ඔස්ටේ‍්‍රලියානු අග‍්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතාගෙන් ලද විශේෂ ආරාධනයක් පරිදි ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා තෙදින රාජ්‍ය සංචාරයක් සදහා අද (23) ඕස්ටේ‍්‍රලියාව බලා පිටත්ව ගියේය .ඒ දවල් 12.30 පමණය.
මීට පෙර 1954 වසරේදී හිටපු අග‍්‍රාමාත්‍යවරයෙකු වන ශී‍්‍රමත් ජොන් කොතලාවල මහතා ඔස්ටේ‍්‍රලියානු රජයෙන් ලද ආරාධනයක් මත එහි නිල සංචාරයක නිරතව තිබිණි.

(එම යුගයේ ශී‍්‍ර ලංකාවේ රාජ්‍ය නායකයා වශයෙන් සලකන ලද්දේ බි‍්‍රතාන්‍ය මහ රැජිණ වූ හෙයින් ජෝන් කොතලාවල මහතාට රාජ්‍ය සංචාරයක් සදහා අවස්ථාවක් නොලැබුණු අතර එය සලකන ලද්දේ නිල සංචාරයක් ලෙසටය. ඒ අනුව නිදහස් ශී‍්‍ර ලංකාවේ කිසිදු රාජ්‍ය නායකයෙකුට මින් පෙර ඔස්ටේ‍්‍රලියානු රජයෙන් රාජ්‍ය සංචාරයක් සදහා ආරාධනා ලැබී නැති අතර ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ මෙම සංචාරය සුවිශේෂී වන්නේ එය ඔස්ටේ‍්‍රලියානු රජයෙන් ශී‍්‍ර ලංකා රාජ්‍ය නායකයෙකුට එරට රාජ්‍ය සංචාරයක් සදහා ලැබුණු ප‍්‍රථම නිල ආරාධනය නිසාය)

ශ‍්‍රී ලංකාව සහ ඔස්ටේ‍්‍රලියාව අතර දශක හතක් තිස්සේ පැවති සවිමත් සබදතාවල සීග‍්‍ර වර්ධනයක් පසුගිය වසර දෙක තුළ දක්නට ලැබුණි. පසුගිය කාලයේ බොහෝ ජාත්‍යන්තර වේදිකාවලදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ඔස්ටේ‍්‍රලියානු අග‍්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා අතර සාකච්ජා පැවැත්විණි.

ආරක්ෂක ක්ෂේත‍්‍රයේදී ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර සමීප සහයෝගීතාවයක් පවතී. එයට නාවුක ගමනාගමන කටයුතු පමණක් නොව මිනිස් ජාවාරම්කරුවන්ට එරෙහි පියවර ද ඇතුළත්ය. මෑතක දී පළ කළ ඕස්ටේ‍්‍රලියානු ආරක්ෂක කටයුතු පිළිබද ධවල පති‍්‍රකාවේ විශේෂයෙන්ම සදහන් කර තිබෙන්නේ සමුද්‍ර ආරක්ෂක සහ මිනිස් ජාවාරම් මැඩලීමේ කටයුතුවලට ඔස්ටේ‍්‍රලියාව සහ ශී‍්‍ර ලංකාව අතර සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කර ගැනීමට පියවරගත යුතු බවයි. එමෙන්ම කෘෂිකර්මය, කිරි නිෂ්පාදනය, අධ්‍යාපනය සහ කී‍්‍රඩා යන ක්ෂේත‍්‍රයන්හි ද දෙරට අතර සමීප සබදතාවයක් පවතින අතර, ඒ සදහා අවබෝධතා ගිවිසුම් ද ඇතිකරගෙන තිබේ.

දෙරට අතර වෙළෙද කටයුතුවල ද පසුගිය කාලයේ ඉහළ වර්ධනයක් දක්නට ලැබුණි. ජනාධිපතිතුමාගේ මෙම සංචාරයේ දී ප‍්‍රමුඛ අවධානයක් යොමු වන්නේ ඔස්ටේ‍්‍රලියා ආයෝජන මෙරටට ගෙන්වා ගැනීමත්, ශී‍්‍ර ලංකාවට වාසි සහගත ලෙස ද්විපාර්ශ්වික වෙළෙදාම වර්ධනය කර ගැනීමත්ය. ඒ අනුව දෙරට අතර ද්විපර්ශ්වික සහයෝගීතාවය වර්ධනය කර ගැනීම සදහා ගිවිසුම් කිහිපයකට ද ජනාධිපතිතුමාගේ මෙම සංචාරයේදී අත්සන් තැබීමට නියමිතය.

රටේ කෘෂිකාර්මික සංවර්ධනය පිළිබද ප‍්‍රමුඛ අවධානයක් යොමු කර කටයුතු කරන ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මෙම සංචාරයේ දී ඕස්ටේලියානු ජාතික විශ්වවිද්‍යාලයේ පොදු රාජ්‍ය මණ්ඩලයේ සහයෝගයෙන් ස්ථාපිත කර ඇති ආහාර ද්‍රව්‍ය පර්යේෂණාගාරය නැරඹීමට ද එක්වීමට නියමිතය.

මෙරට වනාන්තර ඝනත්වය ඉහළ නැංවීම සදහා පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා විශේෂ වැඩසටහන් රැසක් කි‍්‍රයාවට නංවා තිබෙන අතර ඒ පිළිබද ඔස්ටේ‍්‍රලියාවේ අත්දැකීම් හැදෑරීම සදහා කැන්බරා හි සුප‍්‍රකට වනෝද්‍යානය නැරඹීමට ද ජනාධිපතිතුමා සිය සංචාරයේදී එක්වනු ඇත.

 

Related posts

ඉතිහාසය, ආගම හෝ භාෂාව සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයෙන් ඉවත් කිරීමේ කිසිදු තීරණයක් ගෙන නැහැ

Mohamed Dilsad

අවුරුද්දෙන් පසු තෙල් මිල වැඩිවෙයිද?

Mohamed Dilsad

ජනපති යළි දිවයිනට

Mohamed Dilsad

Leave a Comment